මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ  මගපෙන්විම යටතේ, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සමාජසේවා දෙපාර්මීතමේන්තුව හා ඒකාබද්ධව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ආබාධිත දරුවන් වෙනුවෙන් රැකියා අවස්ථා සඳහා මගපෙන්වීමේ වැඩසටහනක් 2026 ජූලි මස 22 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා මීගමුවප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.  

 

jina   dis6   dis7

dis1  dis  dis3

dis2  dis8  dis9

dis11  dis12  dis13

මීගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී පවුල් 08 ක් සදහා රුපියල් දස ලක්ෂයේ නිවාස ව්‍යාපෘතිය යටතේ චෙක්පත් ප්‍රදානය සහ දිට්වා ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර හානි සිදු වූ තවත් ව්‍යාපාරික ස්ථාන 05 සඳහා  චෙක්පත් ප්‍රදානය කිරීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ගේ මගපෙන්විම හා සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  ජූලි මස 17 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම්‍ කාර්යාලයේදී සිදු කරන ලදි.  මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීනි සුරේකා ලීමා මහත්මිය ද  සම්බන්ධ විය.

ditwa4  ditwa6  ditwa5

ditwa1  ditwa3  ditwa

 

 

 

 

 

​ඩෙංගු අවදානම පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ, බස්නාහිර පළාතේ අධි අවදානම් කලාප ඉලක්ක කරගත් විශේෂ මර්දන මෙහෙයුමක් 2026 ජූලි 05 වනදා ආරම්භ විය.  ​ඒ අනුව දැඩි ඩෙංගු අවදානමකට ලක්ව ඇති මීගමුව, මුන්නක්කරය ග්‍රාම සේවා වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ශ්‍රමදාන සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  එදින සාර්ථකව පැවැත්විණි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම කටයුත්ත සඳහා ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභාව, මීගමුව මහ නගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සක්‍රීය දායකත්වයක් සපයන ලදී.  ​මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා,  මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය නාගරික මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

DENG2  DENG1  DENG3

DENG4  DENG7  DENG6

DENG7  DENG8  DENG9

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවා වැඩසටහන 2026 ජූලි මස 15 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා දළුවකොටුව ශාන්ත ජූඩ් දේවස්ථාන දහම් පාසල් ගොඩනැගිල්ලේදී  සාර්ථක අයුරින් පැවැත්විනි.  මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ සෘජු අධීක්ෂණය යටතේ, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය මෙම ජංගම සේවා වැඩසටහනට සහභාගි වන ලදි.

මෙම විශේෂ ජංගම සේවයේදී 74 - දළුවකොටුව , 74/A - නැගෙනහිර දළුවකොටුව, 75 - කට්ටුව , 75/A - පලඟතුරය , 77/A - කම්මල්තර ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට තමන්ගේ අවශ්‍යතා රැසක්   උප්පැන්න, මරණ, විවාහ සහතික නිකුත් කිරීම , ජාතික හැඳුනුම්පත් සම්බන්ධ රාජකාරි , වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම , රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කටයුතු , ආපදා සහන සේවා , ළමා, කාන්තා කටයුතු හා උපදේශන සේවා , විදේශ සේවා සහ රැකියා ගත කිරීම් , අස්වැසුම සේවා සහ සමාජ සේවා ගැටළු , විශ්‍රාම වැටුප් ,ව්‍යාපාර ණය හා උපදේශන සේවා ආදී රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරකඩටම රැගෙන යමින්, ඔවුන්ගේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවීය. එදින විශාල ජනතාවක් මෙම සේවාවන් ලබාගැනීම සඳහා එක්විය.

jaju  jaju1  jaju11

jaju2  jaju3  jaju10

jaju4 jaju9 jaju5

jaju6    jaju7  jaju8

මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව  මීගමුව වැල්ලවිදිය හින්දු තරුණ සංගම් ශාලාවේදි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති  ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති  ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ මහත්මිය හා රාජ්‍ය නිලධාරීන්ගේ සභාගීත්වයෙන් 2026 ජූලි මස 02 වැනි දින  පැවැත්විණි.

sam   sam4   sam5 

sam2   sam6   sam7

sam1   sam3   sam8                                                               

 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top