බස්නාහිර පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලැබූ, පෙර පාසල් ගුරුවරියන් සඳහා වූ ශාරීරික චලන අභ්‍යාස වල යෙදීම හා නිවැරදි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව ගරු නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2025 දෙසැම්බර් මස 19 වන දින මීගමුව බෝලවලාන නාගරික පෙර පාසල් භූමියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.



මීගමුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව 2025 ඔක්තෝබර් මස 24 වන දින මීගමුව නගර සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.


ඔක්තෝම්බර් 01 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් කාර්යාලයේ සමාජසේවා ඒකකය හා වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "මීපුර වැඩිහිටි මහෝත්සවය" 2025 ඔත්තෝබර් මස 07 වන දින මීගමුව වැල්ලවීදිය තරුණ හින්දු සංස්කෘතික ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
එම අවස්ථාවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව බන්ධනාගාර අධිකාරි ජීවක ඉන්ද්‍රජිත් මහතා, මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ.වර්ණකුමාර මහතා ඇතුළු ආරාධිත අමුත්තන් මෙන්ම වැඩහිටියන් රැසක් ද සහභාගී විය.
එහිදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වැඩිහිටි සමිති නියෝජනය කරමින් පැමිණී වැඩිහිටි සාමාජික සාමාජිකාවන් විසින් ඔවුන්ගේ දක්ෂතා එලිදක්වමින් නර්තන ගායන සහ නාට්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන ලද අතර වැඩිහිටි බල මණ්ඩලයේ අරමුදල වෙනුවෙන් ලොතරැයි දිණුම් හිමි ජයග්‍රාහකයන් තෝරා ගැනීමද එම අවස්ථාවේ සිදුකරන ලදි.


විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන "රටම එකට ජාතික මෙහෙයුම" සමාරම්භක වැඩසටහන 2025.10.30 දින පෙ.ව.10.00 සිට ප.ව.12.00 දක්වා පවත්වන ලදි. එම අවස්ථාවේදී එම වැඩසටහන සමග සම්බන්ධවී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ප්‍රතිඥාව ලබාදීම සිදුකරන ලදි.

මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය ඇතුළු කාර්ය මණ්ලඩය විසින් ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදී තිබුණ ළමාදිනය නිමිත්තෙන් ළමා සැමරුම් උත්සවයක් මීගමුවේ කඩොල්කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලදි. මෙම උත්සවයට මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් 42 ක 1200 කට වැඩි දරු දැරියන් පිරිසක් සහභාගි වූහ.
මෙම ලෝක ළමා දින සැමරුම් උත්සවයට ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු සභාපති සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා , මීගමුව පොලිස් ස්ථානයේ, ළමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපති ,නිලන්ති රත්නායක මහත්මිය, මීගමුව වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් පෙරේරා මහතා , මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගි වන ලදි.
මේ උත්සවය සඳහා සහභාගි වූ සියලුම දරු දැරියන් වෙනුවෙන් නැටුම් ගැයුම්, අංග කිහිපයකින් වර්ණවත් වුණ අතර කතන්දර නැන්දා සහ සුටීන්-මා(ර්)ටින් යන විනෝදාස්වාද අංගයන් කිහිපයක්ද ඉදිරිපත් කර තිබු බැවින් කුඩා දරු දැරියන් බොහෝම නිදහසින් නටමින් ගයමින් විනෝද වූහ.
.
ඒ සඳහා ඇට්ලස් ආයතනය ඇතුළු තවත් අනුග්‍රහක භවතුන් කීහිපදෙනෙකු සහාය දක්වා තිබූ අතර අවසානයේ සහභාගි වූ සියලුම දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමක්ද සිදුවිය.






















