මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සාහිත්‍ය කලා මහෝත්සවය ” කලා කෙතේ රන් අස්වනු ” නමින් 2025 සැප්තැම්බර් මස 26 වන දින නිවුස්ටෙඩ් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සර්වාගමික පුජකවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්වුණි.

මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ගරු නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය හා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සුගත් තිලකරත්න මැතිතුමා සහ මීගමුව ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා ,කටාන සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුෂ ද සිල්වා මහතා, නිවුස්ටෙඩ් විද්‍යාලයේ විදුහල්පති උදයංගි දෙහිවත්ත මහත්මිය , කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වු අතර ප්‍රදේශයේ කලායතන දරුදැරියන් විසින් විවිධ නර්තනාංගයන්ගෙන් උත්සව අවස්ථාව වර්ණවත් විය. මෙහි ප්‍රධාන දේශනය සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශාන්ත පීරිස් මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරන ලදි.

එහිදි සිංහල ,ඉංග්‍රීසි හා දමිල භාෂා  මාධ්‍ය  තුනෙන්ම පාසැල් හා විවෘත අංශය වශයෙන් පැවැත්වූ  මී පුර කලාකලරුවන්ගේ සහ පාසැල් දූ දරුවන්ගේ නිර්මාණ කුසලතා වලින් ජය ගත් ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් හට සහතිකපත් හා ත්‍යාග  ලබාදිම ද සිදුවිය.

    cul6  cul11  cul3

cul4   cul5  cul7

cul1  cul2 cul12

 cul10cul8  cul9  

 

 

 

 

මීගමුව තාරුණ්‍යයේ ක්‍රීඩාවේ හෙට දවස ශක්තිමත් කිරීම සදහා 35 වෙනි ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති මීගමුව ප්‍රාදේශිය ක්‍රීඩා උළෙල 2025 සැප්තැම්බර් මස 21 වන දින අති උත්කර්ෂවත් අන්දමින් මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.


එම අවස්ථාව මීගමුව  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ,ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මේනක බාලසූරිය මහතා , මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා  නාගරික මන්ත්‍රී මණ්ඩලය ,  ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි සන්ධ්‍ය සමන් මඩපාත මහත්මිය ,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික ලේකම් මිථින ගිහාන් ප්‍රියසාද් තරුණ නායකයා ,ක්‍රීඩා පුහුණු කරුවන් , දෙමාපියන් හා  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  සහාභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්විණි.

spor1  spor6  spor8

spor2  spor4  spor3

spor5  spor7  spor9

spor10     spor11

Clean Sri lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ළමා සුරක්ෂිතතාවය හා මනෝ උපදේශනය පිලිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  2025 සැප්තැම්බර් මස 18 වන දින කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී පැවැත්විනි.

 

ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරී තිලංක අධිකාරි මහතා, ළමා ආරක්ෂක නිලධාරී සහනි මල්ලවආරච්චි මහත්මිය, උපදේශන නිළධාරි  නුවන්ගි ජයකොඩි මහත්මිය හා ආර්ථික  සංවර්ධන නිලධාරි උද්දික රම්‍යකීර්ති මහතා දායකත්වය ලබා දුන් අතර එහිදී දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනික ගැටළු හා ඔවුන්ගේ  අරමුණු ළඟා කර  ගැනීමට අවශ්‍ය  වටපිටාව සකස් කර ගන්නේ කෙසේද යන්න පිලිබදව ද  වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

CL  CL1  CL2

CL4        CL3

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මියගේ සම්පත්දායකත්වයෙන් යහපත් දෙමාපියභාවය සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්ර් මස 23 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථ ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදි. 

සියලු දෙමව්පියන්ට තම ළමයින් හොඳින් වැඩෙනවා දැකීම අවශ්‍ය බවත් මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් තම ළමයාට සුදුසු යයි ඔවුන් සිතන දේ සිදුකිරීමට ඔවුහු උත්සාහ දැරුවත් අවසානයේ ඔවුන් දකිනුයේ තමන් අපේක්ෂා කළ තරමට තම උත්සාහයන් ඵලදායි නොවන බවකි.  ඒ අනුව සාර්ථක දරුවෙකු නිර්මාණය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.

he  he2  he3

he1  he5

 

මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය, මීගමුව මංකුලිය ශා. අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලය හා මුන්නක්කරය  ශා. නිකුලා කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් දෙකෙහි 1 වසර හා 2 වසර දරුවන් 60 දෙනෙකු සහභාගිත්වයෙන්  "කතන්දර නැන්දා" ළමා වැඩසටහන  2025 සැප්තැම්බර් 17 හා 18 යන දිනවල එම පාසැල්වලදි පැවැත්විනි.

 

මේ වැඩසටහන සඳහා සත්ව අනුරූකඩ යොදා ගැනුනු අතර  ගුවන් විදුලි නිවේදිකා එල්.නිලන්ති කරුණාරත්න මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදි.

 katha  katha1  katha3

katha4    katha8   katha9

katha2  katha5  katha6

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top