Clean Sri Lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ මගපෙන්වීමෙන් ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ   " පෙර පාසල් දරුවන්ගේ හා ගුරුවරුන්ගේ මානසික සෞඛ්‍යය නංවාලීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2025.08.07 දින මීගමුව "ද  හෙල්පින් හෑන්ඩ්" රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණ.   මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ද හෙල්පින් හෑන්ඩ් රෝහලේ අධ්‍යක්ෂක හා ජේෂ්ඨ මනෝචිකිත්සක තාරු පරණවිතාන මහත්මිය හා කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසින් ලබාදෙන ලද අතර මේ සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය, සංස්කෘතික නිලධාරී දිලූෂා ප්‍රනාන්දු හා ගයානි වේරපිටිය මහත්මිය, ආයුර්වේද සංවර්ධන නිලධාරී එරන්දි වීරකෝන් මහත්මිය ඇතුළු මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල්  ගුරුවරියන් 130 ක් පමණ සහභාගි විය.

l6    l5    l4

 

l2  l   l3

ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී දරුපවුල් සදහා ස්ථීර නිවසක් ලබා දීමේ අරමුණින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක " සැමට නිවහන 2025 - නිවාස අධාර වැඩසටහන " යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 6 ක ඉදිකිරීම් ආරම්භ කිරීම 2025 අගෝස්තු මස 03 වන දින ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් තුමිය, නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කළමනාකාරතුමිය හා  නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

මේ අවස්ථාව සදහා නිවාස නිලධාරි , ග්‍රාම නිලධාරීන් , සංවර්ධන නිලධාරින්, සමෘද්ධී නිලධාරින් මෙන්ම කොට්ඨාශ සභා නායකයන්, මන්ත්‍රීන් ඇතුළු දේශපාලන නායකයින්ද සහභාගි විය.  මේ වන විටත් තවත් නිවාස 3 ක ඉදිකිරීම් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  තුල සිදු වෙමින් පවති.

  •  156 මුන්නක්කරය ග්‍රා.නි.වසමේ කුසල් නිශාන්ත මහතාගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho5

  •  73/B කුඩාපාඩුව ග්‍රා.නි.වසමේ  W.ඉශානා දිලිනි මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho4

  • 75/A පළගතුරය ග්‍රා.නි.වසමේ W.C.ඈන් රීටා සිල්වා මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho3

  •  75/A පළගතුරය ග්‍රා නි වසමේ W .නිලූකා වසන්ති මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho2

  •  77 කම්මල්තර ග්‍රා නි.වසමේ W.වාසනා මදුශානි මහත්මියගේ නිවසේ මුල් ගල් තැබීම.

            ho1

  •  77 උතුරු පල්ලන්සේන ග්‍රා නි වසමේ සෙල්වකුමාර් විජයකුමාර් මහතාගේ නිවසේ ඉදිකිරීම් ආරම්භ කිරීම.

            ho


 “Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ  “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වෙරළ තීර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258 ක් පවිත්‍ර කිරීම සිදු කරන අතර එම ව්‍යාපෘතියට  සමගාමීව  ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර ක්‍රියාත්මක කළ මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලය අසලින් ජූලි 29 දින පෙ.ව. 7.00 ට ආරම්භ කරන ලදී.

සමාජ වගවීම, පරිසර සංරක්ෂණය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම එහි මූලික පරමාර්ථය වූ අතර මීගමුව කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා   කිලෝමීටර 9.1 ක ප්‍රමාණයක්, කණ්ඩායම් 12ක් යොදා පිරිසිදු කෙරිණ.  මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර මහතා, 141 පාබල බල සේනාධිපති, බ්‍රිගේඩියර් රොෂාන් ධර්ම වික්‍රම මහතා , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු  නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ අතර ,  මෙම කර්තව්‍යයට ජනාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, පරිසර සංවිධාන, ප්‍රජා මූල සංවිධාන,  මීගමුව මහ නගර සභාව, සංචාරක හෝටල් සංගමය, වෙළඳ සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගන්නා ලදී.

   cljuly  cljuly1  cljuly4

cljuly5      cljuly6      cljuly7

cljuly8  cljuly9  cljuly2

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාරතමේන්තුව මඟින් සංවිධානය කල  ආයුර්වේද සබන් සෑදීම සහ රූපලාවන්‍ය පුහුණූ වැඩසටහන ආයුර්වේද වෛද්‍ය සඳමාලිී සේනානායක මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2025.07.31 දින මීගමුව ග්‍රාමීය කාන්තා පුහුණූ මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

se  se3  se1

se2  se4  se5

Clean Sri Lanka  වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් සංස්කෘතික අංශය විසින් සංවිධානය කරනු ලැබූ  "කතා කියමු රූප මවමු " පෙර පාසැල් දරුවන් සඳහා වූ මානසික සුවතා සෞන්දර්යාත්මක වැඩසටහන 2025 ජූලි මස 18 වන දින රාජපක්ෂ පෙර පාසැලේදී පවත්වන ලදි.  

මෙම වැඩසටහන සඳහා සංස්කෘතික නිලධාරි දිලූෂා ප්‍රනාන්ඳු හා ගයානි වේරපිටිය යන මහත්මියන් සම්පත්දායකත්වය ලබාදුන් අතර මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මිය හා ආයුර්වේද සංවර්ධන නිලධාරි එරන්දි වීරකෝන් මහත්මිය සහභාගී විය.

ganga ganga3 ganga1  

ganga2  ganga5  ganga6

ganga7  ganga8  ganga4

 

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top