මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩොල්කැලේ ක්‍රීඩාපිටිය ආශ්‍රිතව ජාත්‍යාන්තර ක්‍රිඩා සංකීර්ණයක නවීන අංගෝපාංග සහිත පුට්සාල් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරිම සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි මස 31 වැනි දින මුල්ගල තැබීමේ උත්සවයක් පැවැත්විණී.

මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පිකා හෙට්ටිආරච්ච් , පාර්ලිමේන්තු මන්ත්‍රි ස්ටෙප්නි ප්‍රනාන්ඳු, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්ඳු, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි, නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ සහ පාපන්ඳු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් ආරාධිතයන් ලෙස සහභාගි විය.

fi6  fi1  fi12

fi8  fi13  fi2

fi3         fi4 

 fi5

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පවත්වන සය මාසික ග්‍රාමීය කාන්තා පුහුණු පාඨමාලාව 

* මැහුම් 
* ⁠ගෙතුම් 
* ⁠අත්කම් 
* ⁠එම්බ්‍රොයිඩරි 
* ⁠පැච්වර්ක් 

විශයන්ගෙන් සමන්විත වේ. මෙම සියළු පාඨමාලා නොමිලේ පැවැත්වේ. 

ස්ථානය: කට්ටුව දේවස්ථාන ශාලාව 
පාඨමාලා සම්මුඛ පරීක්ෂණය: 2026:02:10  

සුදුසුකම්: වයස අවුරුදු 18 සම්පූර්ණකර තිබීම.

විමසීම්: 0774563092 (මැහුම් උපදේශක)   

sewing

Download Application

පසුගියදා මෙරටට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වු ගංවතුර ආපදා තත්වයට ගොදුරු වූ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොච්චිකඩේ, උතුරු පල්ලන්සේන සහ දකුණු පල්ලන්සේන ග්‍රාම නිලධාරී වසම් වල කාන්තාවන් සඳහා ඔවුන්ගේ කඩා වැටී ඇති මානසිකත්වය, නැවත නඟා සිටුවමින් සහ වැඩි වර්ධනය කරමින්, ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවයද යහපත් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශනයන් සහිත මනෝ සමාජීය ප්‍රවර්ධන වැඩසටහනක් 2026 ජනවාරි මස 07 වන දින මීගමුව, කොච්චිකඩේ,” පැරමවුන්ට් ” උත්සව ශාලාවේදී පැවැත්විනි.  සමාරම්භය සනිටුහන් කරමින්, මීගමුව, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ක්‍රීඩා නියෝජ්‍ය ඇමති, සුගත් තිලකරත්න මහතා ,මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්, ලංකා බන්නැහැක මහත්මිය,මීගමුව ඔරියන්ට් සිංහ සමාජයේ සභාපති රෙනෝල්ඩ් ප්‍රනාන්දු මහතා , මීගමුව රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බර්නාඩ් ස්ටීවන් මහතා ,ජ්‍යෙෂ්ඨ උප සභාපති ලාල් රෝහණ මහතා, ලේකම් ,ග්‍රාම නිලධාරී සුසිල් නෝනිස් මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින්ද,  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ද සහභාගි විය. 

මෙම වැඩසටහන  මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කල අතර  මීගමුව, රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමය හා  ඔරියන්ට් සිංහ සමාජය විසින් අනුග්‍රහය ලබා දී තිබිණි. කාන්තාවන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය “හෙල්පින් හෑන්ඩ්” මනෝ විද්‍යා රෝහලේ අධ්‍යක්ෂිකාව වු ප්‍රකට වෘත්තීය මනෝ විද්‍යා සායනික උපදේශිකාවක් වන තාරු පරණවිතාන මහත්මිය විසින් පවත්වන ලද අතර  වැඩසටහන අවසානයේ ඒ සඳහා සහභාගී වූ කාන්තාවන්ට ත්‍යාග ප්‍රදානයක්ද සිදු කරන ලදී.

ga  ga8 ga11 

ga3    ga4     ga5

ga9          ga10           ga6

ga2            ga1

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන්, කාර්යාලය හා  තරුණ හින්ඳු සංගමය එක්ව ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම සඳහා 2026 ජනවාරි මස 21 වන දින  කාර්යාලීය පරිශ්‍රයේදී 14 වන වරටත් තෛයිපොන්ගල් දින සැමරුම් උත්සවය පවත්වන ලදි.    මෙම සැමරුම් උත්සවය සඳහා  ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය  සුගත් තිලකරත්න මහතා, ගම්පහ අතිරේක  දිස්ත්‍රික් ලේකම්  ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා  , මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා , සංචාරක සංගමයේ සභාපති වර්ණකුමාර මහතා  , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු නිලධාරින් හා සේවා ලබාගැනීමට පැමිණි මහජනතාවද සහභාගි විය.  

වැඩසටහන අවසානයේ මීගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් අඳින ලද කෝලම් රටා සඳහා  ත්‍යාග ප්‍රදානයක්ද සිදු කරන ලදී.

tai ta5 tai1  

ta4  ta7  ta8ta10ta3.gifta6  ta9 tai12ta11

 

 

 2026 වසරේ රාජකාරි ඇරඹෙන පළමු දින ජනවාරි 01 අද දින මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සියළුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රාජකාරි ඇරඹීමේ නිල උත්සවය පැවැත්විණි. 

2026 8  2026 7  2026 9 

2026 13  2026 12  2026 6 

2026 5  2026 14  2026 4

 2026 3  2026 2  2026 1

    

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top