​මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු අවදානම පාලනය කිරීම වෙනුවෙන්, මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ සෘජු මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේ දැවැන්ත ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.  ජුනි 26, 27 සහ 28 (තෙදින පුරාවට අඛණ්ඩව) මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ​ඩෙංගු රෝගීන් බහුලවම වාර්තා වන අධි අවදානම් සහිත ප්‍රමුඛතම ග්‍රාම නිලධාරී වසම් දෙක (02) එනම් උතුරු මුන්නක්කරය හා  නැගෙනහිර වැල්ල වීදිය කේන්ද්‍ර කරගනිමින් සහ අනෙකුත් සියලුම වසම් ආවරණය වන පරිදි මෙම විශේෂ ශ්‍රමදාන හා ක්ෂේත්‍ර පරීක්ෂණ වැඩසටහන් දියත් විය.​ එක්ව පෙළගැසුණු නිලධාරී බලකාය සහ ප්‍රජා දායකත්වය:මෙම සත්කාරය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය, ආරක්ෂක සහ සිවිල් සංවිධාන රැසක් එකමුතුව කැපී පෙනෙන සහයෝගයක් ලබා දුන්හ:දේශපාලන අධිකාරිය,​මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ​මීගමුව මහ නගර සභාවේ නිලධාරීන් ​මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) , මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය , ​ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) නිලධාරීන්, ග්‍රාම ශක්ති කමිටුව, ​ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා සමිති, වැඩිහිටි සමිති ඇතුළු සිවිල් සංවිධාන හා පොදු මහජනතාව​  සහභාගී වූ අතර  ​ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ කීටයන් විනාශ කිරීම ​අවදානම් කලාප පිරිසිදු කිරීම සහ දුම් ගැසීම (Fogging) ​ජනතාව දැනුවත් කිරීම සහ පරිශ්‍රයන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන ලදි.

රජයේ සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමට අමතරව, ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය සහ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරීමට ඔබත් දිනපතා සක්‍රීයව දායක වන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්  කාරුණිකව ඉල්ලමු.

 

den  de1  de3

de2  de5  de6

ඩෙංගු මර්දන වැඩසටහන - කොච්චිකඩේ සද්ධර්මොදය දහම් පාසල  

  dn2   dn3  dn5  

pr3  pr pr1

pr2  pr4  pr5  pr6

162/B දකුණු පිටිවන ඩෙංගු වැඩසටහන

 

 

 

 

 

 

 

ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන- 75 කට්ටුව වැඩිහිට් ග්‍රාමීය කමිටු සාමාජික මහත්ම මහත්මීන් සමඟ එක්ව කට්ටුව ග්‍රාම නිලධාරී වසමේදී අද දින සිදු කරන ලදී

 

ඩෙංගු රෝගයෙන් වැලකී සීටීම, දරුවන්ගේ පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම සහ යෝග භාවිතයෙන් මානසික ආතතිය අවම කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්  මීගමුව ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන්   2026 ජුනි 18 දින පිටිපන සිඟිති දිවිහුරු පෙරපාසලේදි පවත්වන ලදි. 

මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී සංවිධානය කල සංවිධානය කල අතර පාසල් දරුවන් හා ⁣ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී විය.

ed  ed1  ed2

ed4    ed8    ed6   

 ed7    ed5

මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව මහ නගර සභාව, ගුවන් හමුදාව හා ECSTEEL ආයතනය  එක්ව මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2026 ජුනි මස 12 වන දින පවත්වන ලදි. මේ සදහා මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ,ප්‍රධාන මහජන  සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා  ඇතුලු නගර සභා සේවකයන්,මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්‍යාලයේ Green Team කණ්ඩායම, ගුවන් හමුදා නිලධාරීන් හා ECSTEEL ආයතනයේ කාර්‍ය මණ්ඩලය සහභාගී විය.

gt    gt1    gt3

gt2   gt3   gt6

gt5   gt7   gt8

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන " SED Mini Fair " අලෙවි පොල 2026 ජුනි  මස 22 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ව්‍යවසායකයන්ගේ සහභාගීත්වයෙන් සාර්තකව පවත්වන ලදි.

sedjune  pol  pol1

pol3  pol5  pol2

සුරකිමු සෙල්ලම - සුරකිමු ළමාවිය තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ ජූනි මස 11 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සෙල්ලම් දිනය සැමරීම වෙනුවෙන් පෙර පාසල් දරුවන් සඳහා විශේෂ වැඩසටහනක් 2026 ජුනි මස 12 වන දින මීගමුව පෝරුතොට දී පවත්වන ලදී.  මෙම වැඩසටහන  සදහා පෙර පාසල් දරුවන් 125 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූ අතර සෙල්ලම තුළින් දරුවන්ගේ බුද්ධි සංවර්ධනය, සමාජ කුසලතා සංවර්ධනය, භාෂා හා සන්නිවේදන කුසලතා සංවර්ධනය, මානසික සංවර්ධනය උදෙසා ලැබෙන දායකත්වය පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන ලදි.  එහිදී  නිදහස් සෙල්ලම්, නිර්මාණාත්මක සෙල්ලම් මෙන්ම භූමිකා නිරූපණ,ගීත හා චලන තුළින්  දරුවන් සමග විවිධ ක්‍රියාකාරකම් සිදු කල අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව ද හෙල්පින් හෑන්ඩ්ස් රොහල් අධ්‍යක්ෂ තාරු පරණවිතාන මහත්මිය, මීගමුව ළමා ආරක්ෂක නිලධාරී සහනි මල්ලවආරච්චි මහත්මිය සහ මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් ලබාදෙන ලදී.

lamaj13  lamaj1    LAMAJ14   

lamaj4  lamaj6  lamaj7

lamaj5  lamaj8  lamaj10

lamaj2    LAMAJ16  lamaj9

 

   

 

News & Events

07
செப்2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
செப்2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

குடியுரிமை சாசனம்

Scroll To Top