මීගමුව කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සඳහා NVQ level 4 ලබාදීම ට අදාළව පවත්වනු ලැබු දැනුවත් කිරීමේ වැඩසටහන 2026 නොවැම්බර් 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයෙදී පවත්වන ලදි.


ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබඳව පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ දින 8 ක පුහුණුවේ පළමු දිනය 2026 නොවැම්බර් මස 03 වන දින මීගමුව ශාන්ත සෙබස්තියන් විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .


ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට, කුස තුළ සිටින දරුවාගේ ශාරීරික, මානසික සහ බුද්ධිමය සංවර්ධනයට කෙළින්ම බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව ද තහවුරු වී තිබෙන සත්‍යයකි. මේ පිළිබඳව ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 21 වන දින උඩයාර්තොප්පුව ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරි හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර ප්‍රවීන ගුවන් විදුලි සහ රූපවාහිණි විද්‍යා උපදේශක , මනෝ චිකිත්සක, ක්‍රීඩා වෛද්‍ය පෝෂණ පිළිබඳ උපදේශක වෛද්‍ය අනුර අරඹගේ මහතා විසින් හරවත් දේශණයක් පවත්වන ලදි. මෙහිදී ගර්භණී මාතාවන්ට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සලය බැඟින් පිරිනැමීමද සිදුවිය.


තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමග ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 ට අදාලව බීච් වොලිබෝල් හා බිච් කබඩි තරඟ ඉසව් දෙක 2026 ඔක්තෝබර් මස 29 දින සිට නොවැම්බර් 01 දින දක්වා මීගමුව ඒත්තුකාල වෙරළ තීරයේදී පැවැත්විණි.


ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව වැඩිහිටි බලමණ්ඩලය සහ හෙල්ප් ඒජ් (HelpAge) ආයතනය එක්ව සංවිධානය කළ "මීපුර වැඩිහිටි මහෝත්සවය" 2026 ඔක්තෝබර් මස16 වැනි දින මීගමුව රුක්මණී දේවී රංග ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන වර්ණවත් පාගමනකින් ආරම්භ වූ අතර, වැඩිහිටි පරපුරේ සුන්දර කලා දක්ෂතා සහ විවිධ ක්ෂේත්රවල කුසලතා අගයමින් ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය.මෙම අවස්ථාව සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිඳුම් මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී දුමින්ද බස්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. එමෙන්ම, හෙල්ප්ඒජ් ආයතනයේ නිලධාරි මහත්ම මහත්මීන්, මීගමුව සංචාරක සංගමයේ සභාපති වර්ණ කුමාර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහ ප්‍රදේශයේ වැඩිහිටියන් විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.























