මුල් ළමාවියේ දරුවන්ගේ රැකවරණය හා සමස්ත සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා දෙමාපියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම දරුවන්ගේ ඉගෙනුම් හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා දෙමාපියන්ගේ සක්‍රීය සහභාගීත්වය සහ සහාය ලබා දීම අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් සිටින මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් මත මීගමුව පෝරුතොට දී 2026 අගෝස්තු මස 25 දින පවත්වන ලදී.

ගම්පහ දිස්ත්‍රික්කය පුරා කලාත්මක ප්‍රබෝධයක් ඇති කරමින් ක්‍රියාත්මක වන "සියනෑ නිකිනි සංස්කෘතික පුනරුදය" වැඩසටහන් මාලාවේ මීගමුව අදියර, 2026 අගෝස්තු 19 වන දින පෙ.ව. 9.30 සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අතිසාර්ථක ලෙස පැවැත්විණි. ගම්පහ සංස්කෘතික අභිමානය තව තවත් ඔප්නැංවූ මෙම වැඩසටහන, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය මගින් ඉතා අලංකාර ලෙස සංවිධානය කර තිබුණි.
ප්‍රවීණ නාට්‍යවේදී රන්දික විමලසූරිය මහතා විසින් මෙහෙයවන ලද සිනමා රසවින්දන වැඩසටහන සහ කෙටි සිනමා දැක්ම, සභාවේ සිටි සියලු දෙනාගේ හදවත් ප්‍රමෝදයකින් පුරවාලීමට සමත් වූ අතර, එකී සොඳුරු කලාත්මක වැඩසටහන වෙනුවෙන් ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සහ මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සුගත් තිලකරත්න මැතිතුමා , ගරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කලා හා සංස්කෘතික අනුකමිටු අධීක්ෂණ මන්ත්‍රී රුවන් මාපලගම මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හා වැඩිහිටි බල මණ්ඩලය, කාන්තා බල මණ්ඩලය, සංස්කෘතික බල මණ්ඩලය, පෙර පැසැල් ගුරු සංගමය හා රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහභාගි විිය.
,


මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන ආධාර ලබන පාසල් සිසුන්ට සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අගෝස්තු මස 13 වන දින ප්‍රදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරි නදීෂානි මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.



බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද "කතන්දර නැන්දා" අලංකාර ළමා සෞන්දර්යාත්මක වැඩසටහන තිබිරිගස්කටුව ආනන්දාලෝක දහම් පාසල් පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විනි.
පුංචි සිත් තුළ නිර්මාණශීලීත්වයේ සහ කල්පනා ශක්තියේ නවාංගයන් අවදි කරවමින්, දරුවන්ගේ අනාගතය අර්ථවත් කරන්නට අරුත්බර කතන්දර ලෝකයක සුන්දරත්වය දූ දරුවන්ට තිළිණ කිරීම සඳහා චිත්‍රපට කලා අධ්‍යක්ෂිකා ලක්මා වරුණ කුමාරි මහත්මිය විසින් මෙහි ගුරුහරුකම් සහ සම්පත් දායකත්වය ලබා දෙන ලදි.


අපේ පරිසරය පිරිසිදුව හා හරිතමත්ව තබාගැනීමේ ජාතික අභිලාෂය පෙරදැරිව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි මසකට වරක් පැවැත්වෙන *"අත්තම"* විශේෂ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ විය. අත්තම වැඩසටහනේ ප්‍රධාන ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වූ ප්‍රධාන වැඩසටහන තලාදූව සනස ශාලාව ආශ්‍රිතව 2026 අගෝස්තු මස 08 වන දින පැවැත්විනි.
මෙම අවස්ථාව සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපතිතුමා, නියෝජ්‍ය නගරාධිපතිතුමා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මලවරාච්චි මහත්මිය, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, ප්‍රජාශක්ති කමිටු නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ මීගමුව ප්‍රදේශවාසී පරිසරයට ආදරය කරන මහජනතාව විශාල පිරිසක් සහභාගී වූ අතර මීගමු නගරය වෙනුවෙන් සැවොම එකා මෙන් අත්වැල් බැඳගනිමින් අපේ අනාගත පරපුර උදෙසා පිරිසිදු, නිරෝගී සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට මෙහිදී සිය දායකත්වය ලබා දෙන ලදි.





















