බහු ආගමික බහු වාර්ගික ජන පිරිසක් එක්ව ජීවත්වන මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජනතාව අතර  එකමුතුකම , සහජීවනය හා සංස්කෘතික හුවමාරුව විදහාපාමින් විවිධත්වය තුළ ඒකීයත්වය මනාව පිලිබිඹු කල ඉෆ්තාර් ආගමික  වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන්  2026 මාර්තු මස 12 වන දින පෙරියමුල්ල ගෝල්ඩන් පැලස් උත්සව ශාලාවේදී සර්වාගමික පුජකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කාර්යාලීය සංස්කෘතික අංශය හා එක්ව කාර්යාලීය මුස්ලිම් ජාතික නිලධාරීන් විසින් මෙය සංවිධානය කරන ලද අතර මෙම අවස්තාව සදහා ගරු ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය  හා මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති  සුගත් තිලකරත්න මැතිතුමා , මීගමුව ගරු නගරාධිපති රොබටි හීන්කෙන්ද මැතිතුමා ඇතුළු පත්ෂ  විපක්ෂ මුස්ලිම් දේශපාලඥයින් , ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හා රාජ්‍ය නිලධාරීන්  ඇතුලු 250ක පමන පිරිසක්  මේ සදහා සහභාගි විය.

IF 2026  IF2 2026  IF4 2026

IF1 2026  IF3 2026  IF7 2026

IF10  IF6 2026  IF8 2026

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ළමා කාන්තා ඒකකය විසින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු මස 11 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 

මෙහිදී තම දෛනික ජීවිතයේදී නොයෙක් දුක් කම්කටොළු වලට දිරියෙන් මුහුණ දී තම ජීවිතය ජයගත් කාන්තාවන් දස දෙනෙකු  සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඔවුන්ගේ වටිනාකම් ලොවට කියාපාමින්  ඔවුන්ව සම්මානයෙන් අගයනු ලැබුනි.  එසේම කාන්තා බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ විචිත්‍රවත් නර්තනයකින් හා කාර්යාලීය සංවර්ධන නිලධාරී වත්සලා මියගේ මනරම් නර්තනයකින්  උත්සවය ඒකාලෝක විය.

මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු   ක්‍රිඩා නියෝජය  අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා  ගරු  නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා, නියෝජය නගරාධිපති චාමර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූ අතර  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිත කාන්තා   සමිතිවල සාමාජිකයන් මෙන්ම කාර්යාලිය නිලධාරීන්ද සහභාගි විය. සම්මාන පිළිගන්වා කාන්තාවන් ඇගයීමෙන් පසු මීගමුවට ආවේනික ජාඩි නිශ්පාදනය කරන ආකාරයත් එවා නිවැරදි ක්‍රමවේදට බෝතල් කරන ආකාරයත් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීනි.

wo3-2026.gif  wo7 2026wo8 2026    

  wo2 2026   wo4 2026  wo9 2026

wo6 2026  wo1 2026 wo 2026

  wo11 2026  wo12 2026 wo10 2026

wo5 2026

 

උතුරු මුන්නක්කරය, නැ. මුන්නක්කරය, මුන්නක්කරය හා සිරිවර්ධන පෙදෙස වසම්වල ජනතාව වෙනුවෙන් මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්ම්යගේ මගපෙන්වීමෙන් රාජ්‍ය සේවය ගමට -  විශේෂ ජංගම සේවා වැඩසටහනක් 2026 අප්‍රේල් මස 09 වැනි දින උදෑසන 9.00 සිට අලියාපොල උත්සව ශාලාවේදී පැවැත්විණි. 

JANGAMA 

 JANGAMA1    JANGAMA2

JANGAMA4     JANGAMA3

මීගමුව ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ 2026 වර්ෂය සදහා වූ ළමා පොකුර වැඩසටහන මීගමුව  ප්‍රාදේශීය  ලේකම් රසිකා මල්ලවආරච්චි  මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.02.07 වන දින මිගමුව කැටමරන් හෝටලයේදී පවත්වන ලදී.

මේ අවස්ථාව  සදහා ගරු ක්‍රිඩා නියෝජ්‍ය  අමාත්‍ය සුගත්  තිලකරත්න මැතිතුමා හා මීගමුව සංචාරක සංගමයේ සභාපති වර්ණකුමාර මහතා ද එක්විය. ඒ අනුව මීගමුව කොට්ඨාසයේ  හදුනාගත් අධි අවදානම්  දරුවන් 78 දෙනා වයස අනුව ඛාණ්ඩ කර ඒ ඒ කණ්ඩායමට කාන්තා නිලධාරීන් දෙදෙනෙකු බැගින් සම්බන්ධ කරන ලදී.

වැඩසටහනේ මුලික වැඩකටයුතු වලින් අනතුරුව දරුවන් සදහා සංග්‍රහයක් ලබා දෙනු ලැබූ අතර පසුව  හෝටල් පරිශ්‍රයේ හා වෙරළ තීරයේ දරුවන් සමග ක්‍රිඩා හා කණ්ඩායම් ක්‍රියාකාරකම් පවත්වන ලදි.  එහිදි දරුවන්ගෙ ගැටලු හදුනාගෙන වාර්තා කර ගැනිම සිදු විය. ඊට සමගාමීව එම දරුවන්ගෙ දෙමාපියන් යහපත් දෙමාපියභාවය පිලිබදව දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී.

L9 2026  L2 2026  L8 2026

L11 2026   L10 2026  L1 2026

L4 2026  L5 2026  L6 2026

L7 2026  L 2026  L3 2026

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව පවත්වනු ලබන මීගමුව ප්‍රාදේශීය  නිදහස් දින උත්සවය හා දේශාභිමානී ගී ප්‍රසංගය  මීගමූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ  සර්වාගමික පූජකවරුන්ගේ සාහභාගීත්වයෙන් ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා ඇතුලු දේශපාලන අදිකාරියේ හා කොට්ඨාශයේ  රාජ්‍ය ආයතන  නිලධාරීන්ගේ  සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ ද, මීගමුව  කාන්තා බල මණ්ඩලයේ, වැඩිහිටි බල මණ්ඩලයේ හා යෞවන සමාජ සම්මේලනයේ සාමාජිකත්වයේ සහභාගිත්වයෙන්  පෙබරවාරි 04  වන දින  පැවැත්විණ.

 nid  nid1  nid2

nid3  nid4  nid10

nid5  nid6  nid11nid7nid8  nid9

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top