මීගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී පවුල් 08 ක් සදහා රුපියල් දස ලක්ෂයේ නිවාස ව්‍යාපෘතිය යටතේ චෙක්පත් ප්‍රදානය සහ දිට්වා ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර හානි සිදු වූ තවත් ව්‍යාපාරික ස්ථාන 05 සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ගේ මගපෙන්විම හා සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 17 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි. මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීනි සුරේකා ලීමා මහත්මිය ද සම්බන්ධ විය.


මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවා වැඩසටහන 2026 ජූලි මස 15 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා දළුවකොටුව ශාන්ත ජූඩ් දේවස්ථාන දහම් පාසල් ගොඩනැගිල්ලේදී සාර්ථක අයුරින් පැවැත්විනි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ සෘජු අධීක්ෂණය යටතේ, ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය මෙම ජංගම සේවා වැඩසටහනට සහභාගි වන ලදි.
මෙම විශේෂ ජංගම සේවයේදී 74 - දළුවකොටුව , 74/A - නැගෙනහිර දළුවකොටුව, 75 - කට්ටුව , 75/A - පලඟතුරය , 77/A - කම්මල්තර ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට තමන්ගේ අවශ්‍යතා රැසක් උප්පැන්න, මරණ, විවාහ සහතික නිකුත් කිරීම , ජාතික හැඳුනුම්පත් සම්බන්ධ රාජකාරි , වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම , රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කටයුතු , ආපදා සහන සේවා , ළමා, කාන්තා කටයුතු හා උපදේශන සේවා , විදේශ සේවා සහ රැකියා ගත කිරීම් , අස්වැසුම සේවා සහ සමාජ සේවා ගැටළු , විශ්‍රාම වැටුප් ,ව්‍යාපාර ණය හා උපදේශන සේවා ආදී රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරකඩටම රැගෙන යමින්, ඔවුන්ගේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවීය. එදින විශාල ජනතාවක් මෙම සේවාවන් ලබාගැනීම සඳහා එක්විය.




මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මීගමුව වැල්ලවිදිය හින්දු තරුණ සංගම් ශාලාවේදි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ මහත්මිය හා රාජ්‍ය නිලධාරීන්ගේ සභාගීත්වයෙන් 2026 ජූලි මස 02 වැනි දින පැවැත්විණි.

ඩෙංගු අවදානම පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ, බස්නාහිර පළාතේ අධි අවදානම් කලාප ඉලක්ක කරගත් විශේෂ මර්දන මෙහෙයුමක් 2026 ජූලි 05 වනදා ආරම්භ විය. ඒ අනුව දැඩි ඩෙංගු අවදානමකට ලක්ව ඇති මීගමුව, මුන්නක්කරය ග්‍රාම සේවා වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ශ්‍රමදාන සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් එදින සාර්ථකව පැවැත්විණි.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම කටයුත්ත සඳහා ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභාව, මීගමුව මහ නගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සක්‍රීය දායකත්වයක් සපයන ලදී. මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය නාගරික මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 07 වන වරට දළුපොත, පෙරියමුල්ල, නැගෙනහිර දළුපොත, හුණුපිටිය යන වසම්වල මහජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහනක් 2026 ජුනි මස 25 වන දින උදෑසන 9.00 සිට පෙරියමුල්ල අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදි. එදින විශාල ජනකායක් සහභාගී වූ අතර මෙම වැඩසටහන මඟින් එම වසම්වල ජනතාවගේ ගැටලු රැසකට එකම වහලක් යටදී, කාර්යක්ෂම සහ ඉක්මන් විසඳුම් ලබා දීමට හැකි විය.
මෙහිදී උප්පැන්න , මරණ, විවාහ සහතික නිකුත්කිරීම, ජාතික හැඳුණුම්පත් රාජකාරි, වැඩිහිටි හැඳුණුම්පත් සැකසීම, රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි, ව්‍යාපාර ලියාපදිංචිය, ආපදා සහන සේවා, ළමා කාන්තා කටයුතු හා උපදේශන සේවා, විදේශ රැකියා ගතකිරීමේ සේවා, අස්වැසුම, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්, ව්‍යාපාර ණය සහ සේවා ඇතුළු සේවා රැසක් ලබාදෙන ලදි.























