වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 2026 මැයි මස 29 වන දින සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව ජනතාවට වන්දනාමාන කිරිමට අවස්ථාවක් සලසා දෙන ලදී. ඒ සඳහා ප්‍රදේශයේ බෞද්ධ ආගමික භික්ෂූන් වහන්සේලා, රාජ්‍ය ආයතනවල නිලධාරීන් , ප්‍රදේශවාසීන් හා කාර්යාල නිලධාරීන් සහභාගි විය. ඉන් අනතුරුව පෙරහරකින් ධාතූන් වහන්සේලා පන්සල වෙත වැඩම කරවන ලදී.

- වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල වැඩිහිටි බල මණ්ඩලය විසින් බෙලි මල් දන්සැලක් 2026.05.29 වන දින පවත්වන ලදී.


වෙසක් පුණ්‍යමහෝත්සවය නිමිති කරගෙන ප්‍රදේශවාසින්ගේ සෞඛ්‍යය තත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආයුර්වේද සංරක්ෂණ සභාව සමග එක්ව නොමිලේ ආයුර්වේද වෛද්‍ය සායනයක් 2026 මැයි මස 28වන දින පෙ.ව.9.00 සිට ප.ව. 12.00 දක්වා මිගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි.





මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මැයි මස 14 වන දින මීගමුව BCI Campus ශ්‍රවණාගාරයෙදී පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ළමා හා කාන්තා ඒකකය මගින් සිදුකරන ලද අතර ඒ සඳහා මීගමුව කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් 150 පමණ සහභාගී විය.



මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ , සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද “ වෙසක් සැදැහැ ගී සරණිය – 2026 ” වෙසක් බැති ගී වැඩසටහන 2026 මැයි 27 වැනි දින කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. සියලු ජාතීන් අතර සාමය, සහෝදරත්වය හා ආගමික සංහිඳියාව වර්ධනය කිරීම අරමුණු කරගත් සර්වාගමික වතාවත් සිදු කරමින් ආරම්භ කරන ලද මෙම වෙසක් බැති ගී වැඩසටහන සඳහා මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව ස්වාමින් වහන්සේ සහ මීගමුව විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති දෙල්වල අංගිරස ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ ආගමික වතාවත් සිදු කරමින් කෙටි දෙසුමක් පැවැත්වූහ.
එලෙසම කතෝලික ආගමික වතාවත් මීගමුව, මහාවීදිය ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් සහායක පැතුම් පියතුමා විසින් සිදු කරන ලදී. මීගමුව වැල්ලවීදිය, කාලි කෝවිලේ සුසන්ත කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළ අතර ඉස්ලාමීය ආගමික මවුලවිතුමන්ගේ සහභාගිත්වයෙන් කෙටි දේශනයක්ද සිදු කළේය.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම සේවා අංශවල නිලධාරීන් විසින් භක්ති ගීත ඉදිරිපත් කරන ලද අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව පිහිටුවාගෙන ඇති කාන්තා බල මණ්ඩලය, වැඩිහිටි බල මණ්ඩලය, සංස්කෘතික බල මණ්ඩලය සහ පෙර පාසල් ගුරු සංගමය යන සංවිධානවල සාමාජික සාමාජිකාවන්ද මෙම වැඩසටහනේදී භක්ති ගීත ගායනා කළහ.
මේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි , මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර සහ මීගමුව වෙළෙඳ සංගමයේ සභාපති වෛද්‍ය ඉයැන් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.




මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026 මැයි මස 14 වන දින උදෑසන 9.00 සිට 12.00 දක්වා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී වජිරමාලා බියන්විල සහ නාලිකා මුණවීර යන මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් මිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්වඨාශයේ ව්‍යවසාකයින් 20 දෙනෙකු වෙත මෙම පුහුණුව ලබා දෙන ලදී.





















