පරිභෝජනයට සුදුසු ගුණාත්මක භාවයෙන් යුත් පොල්තෙල් වෙළඳපොලෙන් මිලදී ගැනිම සම්බන්ධව දැණුවත් කිරීමේ වැඩමුළුවක් 2025 සැප්තැම්බර් මස15 වන දින මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී පොල්තෙල් පරිභෝජනය සඳහා වැඩි නැඹුරුතාවයක් පවතින මෙවන් වකවානුවක පරිභොජනයට සුදුසු වර්ගයේ පොල්තෙල් වෙළඳපොලෙන් ලබා ගැනීම පාරිභෝගිකයාට ගැටළුවක් වි ඇති බවත්, තත්වයෙන් බාල පරිභොජනයට නුසුදුසු පොල්තෙල් වෙළඳපොලේ පවතින බවත් තත්වයෙන් ඉහළ පොල්තෙල්වල මිල ඉහල බැවින් පාරිභෝගිකයන් බොහොමයක් පරිභෝජනයට නුසුදුසු සෞඛ්යයට අහිතකර මිල අඩු පොල්තෙල් මිලදී ගැනීමට පෙළඹෙන බවත් පෙනී ගොස් ඇති බැවින් බෝ නොවන රෝග වැඩිවීමේ ප්රවනතාවයක් දක්නට ලැබෙන අතර මේ සම්බන්ධව කර්මාන්තකරුවන් මෙන්ම පාරිභෝගික ජනතාව දැණුවත් කිරීම අත්යවශ්ය බැවින් පොල් සංවර්ධන අධිකාරිය මඟින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී සදාචාරාත්මක ව්යාපාරික පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙක් බිහි කිරිම පාරිභෝගික සවිබල ගැන්වීම වෙළඳපොළ විධිමත් කිරීම සහ තරඟකාරිත්ව ප්රවර්ධන තුළින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරලීම අරමුණින් පාරිභෝගික අයිතිවාසිකම් පාරිභෝගිකයන් ආරක්ෂාව සඳහා නිතිරිති හා පාරිභෝගික පැමිණීලි සඳහා ලබාගත හැකි සහන හා පිළියම් , බුද්ධිමත් පාරිභෝගිකයෙක් ලෙස වෙළඳපොළ තුල හැසිරිය යුතු ආකාරය ආදි කරුණූ පිළබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ නිලධාරින් විසින් දැණූවත් කිරිමක්


























