News & Events

16
Oct2026
ගම් මැද්දේ රස මීවිත

ගම් මැද්දේ රස මීවිත

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ  දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය  ලබාදුන්  අතර සහකාර ප්‍රාදේශීය...

16
Oct2026
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

 "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින  තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  මහත්මියගේ  උපදෙස් හා මගපෙන්වීම...

16
Oct2026
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත.  ඒ අනුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ...

16
Oct2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 2025 / 2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ජයග්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් 07 වන දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...

15
Oct2026
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නිවාස 02...

01
Oct2026
“ කලා කෙතේ රන් අස්වනු”- 2026

“ කලා කෙතේ රන් අස්වනු”- 2026

 මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලංකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්‍ය ක්‍රිඩා අමාත්‍ය ගරු...

29
Sep2026
සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගෙන  මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association - NTA) සංචාරක කර්මාන්තයට නව ප්‍රාණයක් ලබා දෙමින් 2026 සැප්තැම්බර් මස 27 වන දින සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි  " බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් " ( "Banyan by Sentido HERITANCE" )...

28
Sep2026
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.  මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික්...

22
Sep2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ  "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්,  "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට...

21
Sep2026
“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන  දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී....

21
Sep2026
පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම  කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි.  මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17...

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...

07
Sep2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද  අතර අල්පලාහ්...

07
Sep2026
මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

අනාගතයට සෞඛ්‍ය සම්පන්න, ක්‍රීයාශීලී පරපුරක් දායාද කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද  "මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය"  අගෝස්තු මස  31 වන දින  ඒත්තුකාල වෙරළ තීරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්‍රී මංගල ඩයස් මහතා, නාගරික මන්ත්‍රී...

28
Aug2026
රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්‍ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා...

1. සමෘද්ධි සහනාධාරය ලබාදීම

 සමෘද්ධි කලාපය

420 සහනාධාර

පුජ්‍ය පක්ෂය

 වැඩිහිටි නිවාසය

 ළමා නිවාස

අබාධිත නිවාස 

 1500 සහනාධාර

 2500 සහනාධාර

 3500 සහනාධාර

 මුළු ගණන

 පිටිපන

85

̅

̅

14

̅

1475

668

1599

3841

මීගමුව

50

37

19

85

̅

712

325

672

1900

 පළගතුරය

18

02

̅

̅

̅

1465

528

1045

3058

2. සමෘද්ධි පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන

මේ යටතේ කලාප තුනෙන් පවුල් 360ක් 2020දි සවිබල ගන්වා සහනාධාර ප්‍රවාහයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිලාභින් සංඛ්‍යාව පහත සදහන් පරිදි වේ.

පිටිපන කලාපයේ සවිබල ගැන්වීමට නියමිත සහනාධාර ලබන පවුල් 

277 

මීගමුව කලාපයේ සවිබල ගැන්වීමට නියමිත සහනාධාර ලබන පවුල්

43

 පළගතුරය කලාපයේ සවිබල ගැන්වීමට නියමිත සහනාධාර ලබන පවුල්

90

මුළු ප්‍රමාණය

360

 


එයින්,

 

පළගතුරය

පිටිපන

මීගමුව

එකතුව

සමෘද්ධි බැංකු ණය ලබාදිමෙන්

166

208

96

470

චක්‍රීය ණය ලබාදීමෙන්

13

13

13

39

ජීවනෝපාය අරුණළු වැඩසටහන මගින්

34

16

21

71

එකතුව

213

237

130

580

 

3. ජීවනෝපාය අරුණළු සංවර්ධන වැඩ සටහන (සමෘද්ධි සවිබල ගැන්විමේ වැඩ සටහනට සමගාමීව)

කර්මාන්ත අංශයෙන්

44

රු.1,838,850/=

ධීවර අංශයෙන්

06

රු.264,000/=

අගෙවි අංශයෙන්

19

රු.763,200/=

සේවා අංශයෙන්

02

රු.88,650/=

එකතුව

71

රු.2,954,700/=

4. ජීවනෝපාය අලෙවි සංවර්ධන වැඩසටහන

  • අලෙවි ව්‍යාපෘතිලාභින් 04 දෙනෙකු සදහා -රු.200,000/=

5. 2018 වර්ෂයේ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය

163 බී දුන්ගාල්පිටිය වසම මල් ගම්මානය සදහා තෝරාගෙන ඇත.

එහි සමෘද්ධි ප්‍රතිලාභින් හා අඩු ආදායම්ලාභින් 96 දෙනෙකු සදහා (මල් වගා කටයුතුවල නිරත වන අයට) ප්‍රාග්ධන උපකරණ සැපයීම සදහා රු.2,930,000/= ක ප්‍රතිපාදන ලබාදෙනු ඇත.

6. ගෙවතු වගා වැඩ සටහන.

  • 2020දි සවිබල ගැන්වීම සදහා තෝරාගත් පවුල් 360දෙනා සදහා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
  • ඊට අමතරව ගෙවතු වගාව සදහා කලාප තුනෙන්ම තෝරාගත් ගෙවතු වගාව කරන ප්‍රතිලාභින්වද මේ යටතට ගනුලැබේ.

                                                               පිටිපන                     - 45

                                                               මීගමුව                     - 31

                                                               පළගතුරය                - 155

                                                              එකතුව                     - 231

7. සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන

මේ යටතේ සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල 2016 වර්ෂයේ අ.පො.සා.පෙළ විභාගය සමත් දරුවන් 44දෙනෙකු සදහා රු.1500/=ක් ඉදිරි වර්ෂ 2ක් සදහා ශිෂ්‍යත්ව ලබාදිමට නියමිතය.

8. සමෘද්ධි දිරිය පියස නිවාස ඉදි කිරීම

2018 වර්ෂයට රු.200,000/=නිවාස 3ක් ඉදිකිරීමට නියමිතය. පිටිපන,මීගමුව හා පළගතුරය කලාප නියෝජනය වන පරිදි වේ.

9. 2022 සෞභාග්‍යා නිවාස වැඩසටහන

  • රු. 600,000/- ක් වටිනා නිවාස 03 ක්
  • රු. 225,000/- ක් වටිනා නිවාස 03 ක්
  • රු. 125,000/- ක් වටිනා නිවාස 01 ක්

              පිටිපන , මීගමුව හා පළඟතුරය කලාප නියෝජනය වන පරිදි ඉදිකිරීමට නියමිතය.

සැලසුම් අංශය මගින් ක්‍රියාත්මක වන ව්‍යෘපෘති - 2026

1. ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන - 2026 

2. විමධ්‍යගත අයවැය වැඩසටහන - 2026

3.පළාත් සභා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2026

4.  -ප්‍රජා ශක්ති වැඩසටහන - 2026

පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් රජයේ ප්‍රතිපත්තියට අනුව පොහොසත්විම යනු ආර්ථිකමය වශයෙන් ශක්තිමත්විම පමණක් නොවන අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, යහපත් ජීවන තත්වය සහ ආකල්පමය වශයෙන්ද ශක්තිමත් වීම තුලින් ප්‍රද්ගල පෞරුෂයේ වර්ධනය රටේ ආර්ථික සංවර්ධනය හා බද්ධ වෙමින් ජිවන මට්ටම උසස් තත්වයකට  පත්කිරිම මෙහි අරමුණ වේ.

ප්‍රජාශක්ති  දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධනය , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා පහත මුලධර්ම මත පදනම්ව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මූලධර්ම

  • සමාජ සහයෝගිතාව
  • සමාජ සවිබලගැන්විම 
  • ජීවන දක්‍රය මත පදනම් වූ ප්‍රවේශය
  • සමාජ සාධාරනත්වය සහ කිසිවෙකු අත්නොහැරීම
  • සමාජ අන්තර්කරණය
  • සහභාගීත්ව ප්‍රවේශය

අරමුණූ

  • දිළිඳුබව තුරන් කිරීමේ වැඩසටහන් සඳහා ජාතික මට්ටමේ සහභාගිවයක් ලබාදීම.
  • දිළිඳුබව තුරන් කිරීමේ ව්‍යාපෘත් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන කේන්ද්‍රීය සංවිධාන ව්‍යුහයක් ස්ථාපනය කිරිම.
  • ජනතාවගේ සක්‍රීය සහභාගිත්වයෙන් ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය වන ලෙස සංවර්ධන යෝජනා සකස් කිරීම.
  • උචිතසංවර්ධන යෝජනා හඳුනා ගැනිම සඳහා මහජනතාව බලගැන්වීම.
  • ඒකාබද්ධ වැඩපිළිවෙලක් ඔස්සේ සංවර්ධන ක්‍රියාවලිය කාර්යක්ෂම සහ සඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිම.
  • මුලික පහසුකම්, යටිතල පහසුකම් සහ සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම.
  • සියළු සංවර්ධන කාර්යයන්හිදී තිරසරභාවය සහතික කිරිම සහ පරිසරය ආරක්ෂා කිරීම.
  • මැදිහත්කරණය තුලින් සමාජ ගැටළු අවම කිරිම.
  • ආන්තික සහ අවදානම්  ප්‍රජාව සඳහා රැකවරණය සලසා දීම.
  • දිළිඳු ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම.

Scroll To Top