News & Events

16
Oct2026
ගම් මැද්දේ රස මීවිත

ගම් මැද්දේ රස මීවිත

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ  දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය  ලබාදුන්  අතර සහකාර ප්‍රාදේශීය...

16
Oct2026
"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

"දරුවන් සවිමත් මනසින් පොහොසත්" - ලෝක ළමා දින වැඩසටහන 2026

 "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින  තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  මහත්මියගේ  උපදෙස් හා මගපෙන්වීම...

16
Oct2026
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත.  ඒ අනුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ...

16
Oct2026
ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

ජාතික ඵලදායිතා සම්මාන උළෙල 2025/2026

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 2025 / 2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ජයග්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් 07 වන දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...

15
Oct2026
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මීගමුවේ පවුල් 6කට ස්ථිර හිසට සෙවණක්...

ලෝක ජනාවාස දිනයට (World Habitat Day) සමගාමීව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවාස 06 ක් ජනතා අයිතියට පැවරීමේ නිල උත්සවය 2026 ඔක්තෝබර් මස 05 වැනි දින සාර්ථකව පැවැත්විණි. රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නිවාස 02...

01
Oct2026
“ කලා කෙතේ රන් අස්වනු”- 2026

“ කලා කෙතේ රන් අස්වනු”- 2026

 මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලංකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්‍ය ක්‍රිඩා අමාත්‍ය ගරු...

29
Sep2026
සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සංස්කෘතික අසිරියෙන් වර්ණවත් වූ මීගමුවේ , ජාත්‍යන්තර සංචාරක දින සැමරුම ..

සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගෙන  මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association - NTA) සංචාරක කර්මාන්තයට නව ප්‍රාණයක් ලබා දෙමින් 2026 සැප්තැම්බර් මස 27 වන දින සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි  " බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් " ( "Banyan by Sentido HERITANCE" )...

28
Sep2026
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.  මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික්...

22
Sep2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන

"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ  "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්,  "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට...

21
Sep2026
“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

“රාජ්‍ය සේවය ගමට” 09 වැනි අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන  දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.  මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී....

21
Sep2026
පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් !

චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම  කුඩා දරුවන්ට දෘශ්‍ය ප්‍රකාශනය සහ සංවේදී ඉන්ද්‍රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි.  මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව  මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17...

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල්  ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට...

07
Sep2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද  අතර අල්පලාහ්...

07
Sep2026
මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය

අනාගතයට සෞඛ්‍ය සම්පන්න, ක්‍රීයාශීලී පරපුරක් දායාද කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද  "මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය"  අගෝස්තු මස  31 වන දින  ඒත්තුකාල වෙරළ තීරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්‍රී මංගල ඩයස් මහතා, නාගරික මන්ත්‍රී...

28
Aug2026
රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහන 09 වන අදියර

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්‍ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා...

පරිභෝජනයට සුදුසු ගුණාත්මක භාවයෙන් යුත් පොල්තෙල් වෙළඳපොලෙන් මිලදී ගැනිම සම්බන්ධව දැණුවත් කිරීමේ වැඩමුළුවක් 2025 සැප්තැම්බර් මස15 වන දින  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී පොල්තෙල් පරිභෝජනය සඳහා වැඩි නැඹුරුතාවයක් පවතින මෙවන් වකවානුවක පරිභොජනයට සුදුසු වර්ගයේ පොල්තෙල් වෙළඳපොලෙන් ලබා ගැනීම පාරිභෝගිකයාට ගැටළුවක් වි ඇති බවත්, තත්වයෙන් බාල පරිභොජනයට නුසුදුසු පොල්තෙල් වෙළඳපොලේ පවතින බවත් තත්වයෙන් ඉහළ පොල්තෙල්වල මිල ඉහල බැවින් පාරිභෝගිකයන් බොහොමයක් පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යයට අහිතකර මිල අඩු පොල්තෙල්  මිලදී ගැනීමට පෙළඹෙන බවත් පෙනී ගොස් ඇති  බැවින්  බෝ නොවන රෝග වැඩිවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන අතර මේ   සම්බන්ධව කර්මාන්තකරුවන් මෙන්ම පාරිභෝගික ජනතාව දැණුවත් කිරීම අත්‍යවශ්‍ය බැවින් පොල් සංවර්ධන අධිකාරිය මඟින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.  

මෙහිදී සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළ සුරක්ෂිත වූ පාරිභෝගිකයෙක් බිහි කිරිම පාරිභෝගික සවිබල ගැන්වීම වෙළඳපොළ විධිමත් කිරීම සහ තරඟකාරිත්ව ප්‍රවර්ධන තුළින් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරලීම අරමුණින් පාරිභෝගික අයිතිවාසිකම් පාරිභෝගිකයන් ආරක්ෂාව සඳහා නිතිරිති හා පාරිභෝගික පැමිණීලි සඳහා ලබාගත හැකි සහන හා පිළියම් , බුද්ධිමත් පාරිභෝගිකයෙක් ලෙස වෙළඳපොළ තුල හැසිරිය යුතු ආකාරය ආදි කරුණූ පිළබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ නිලධාරින්  විසින් දැණූවත් කිරිමක්


 “Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ  “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වෙරළ තීර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258 ක් පවිත්‍ර කිරීම සිදු කරන අතර එම ව්‍යාපෘතියට  සමගාමීව  ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර ක්‍රියාත්මක කළ මීගමුව  වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන  අනුව  සමාජ වගවීම, පරිසර සංරක්ෂණය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ මූලික පරමාර්ථයෙන්, මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලය අසලින් වෙරළ පිරිසිදු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ජූලි 29 දින පෙ.ව.  7.00 ට මීගමුවේදී ආරම්භ කරන ලදී.

එහිදී මීගමු වෙරළ තීරය මීගමුව කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා   කිලෝමීටර 9.1 ක ප්‍රමාණයක්, කණ්ඩායම් 12ක් යොදා පිරිසිදු කෙරිණ.මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර මහතා, 141 පාබල බල සේනාධිපති, බ්‍රිගේඩියර් රොෂාන් ධර්ම වික්‍රම, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි මහත්මිය, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු  නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ අතර ,  මෙම කර්තව්‍යයට ජනාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, පරිසර සංවිධාන, ප්‍රජා මූල සංවිධාන,  මීගමුව මහ නගර සභාව, සංචාරක හෝටල් සංගමය,වෙළඳ සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව ශ්‍රී ලංකා යුද හමුදාව සමග අත්වැල් බැඳ ගන්නා ලදී.

   ,ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධීකරණය වනු ඇත    “ Clean Sri Lanka ” ජාතික වැඩසටහන යටතේ  “ පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ” වෙරළ තීර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අනුව  සමාජ වගවීම, පරිසර සංරක්ෂණය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ මූලික පරමාර්ථයෙන්, ජූලි 29 වන දින දිවයින පුරා වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258 ක් පවිත්‍ර කිරීම සිදු කරන අතර ඊට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ලෙස මීගමුව වෙරළ තීරය පවිත්‍ර කිරිම “බ්‍රවුන්ස් බීච්” අසලින් පෙරවරු 7.00 ට ආරම්භ කෙරේ. ඒ් අනුව  මීගමු වෙරළ තීරය මීගමුව කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා   කිලෝමීටර 9.1 ක ප්‍රමාණයක්, කණ්ඩායම් 12ක් යොදා පිරිසිදු කිරීම සිදු කෙරේ.   මේ සඳහා ජනාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, පරිසර සංවිධාන, ප්‍රජා මූල සංවිධාන,  මීගමුව මහ නගර සභාව, සංචාරක හෝටල් සංගමය,වෙළඳ සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධීකරණය වනු ඇත.

"තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක් " තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මීගමුවට ආවේනික මීගමු අළුවා සැකසිමේ තරඟයක් හා මීගමු අළුවා සාදන ආකාරය නොදන්නා අයට සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් සේම සංචාරක ක්ෂේත්‍රයට මිගමු අළුවා මුසු කිරීම තුලින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළීබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 11 වන දින පැවැත්විණි. 

kantha    wo   wo1 

wo7    wo3    wo6

wo2       wo4       wo5

 

Subcategories

Scroll To Top