මී පුර නිර්මාණකරුවන්ගේ සහ පාසල් දූදරුවන්ගේ නිර්මාණ කුසලතා අගයනු වස් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්සංවිධානය කරනු ලැබු “ කලා කෙතේ රන් අස්වනු” ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය2026 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලංකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ. ව. 9.00 සිට උත්සවාකාරයෙන් පවත්වන ලදි. මීගමුව සම්බන්ධීකරන කමිටු සභාපති හා නියෝජ්‍ය ක්‍රිඩා අමාත්‍ය ගරු සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව ගරු නගරාධිපති චාමර ප්‍රනාන්දු මැතිතුමා, ප්‍රදේශයේ කලාකරුවන් ,රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර සර්වාගමික පුජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ උත්සවය ආරම්භ කෙරිණි.
මීගමුවේ කලායතනයන්හි ඉගෙනුම ලබන දරුදැරින්ගේ නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. මාධ්‍යවේදී ගත්කතුවර බන්දුල කේ ආරියපාල මහතා ඇතුළු පිරිස “ ජන ගීයෙන් හෙලිවන අපේ පැරණි ආහාර සංස්කෘතිය” යන මැයෙන් දරුවන් සදහා දේශනයක් පවත්වන ලදි.
මෙහිදී සිංහල, ඉංග්‍රිසි හා දමිල යන මාධ්‍ය ත්‍රිත්වයෙන් ම තරග පවත්වා එහිදී ජයග්‍රහනය කල තරගකරුවන් 114 දෙනෙකු සදහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු වු අතර මෙම වැඩසටහන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බස්නාහිර පලාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විය.



සෑම වසරකම සැප්තැම්බර් මස 27 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගෙන මීගමුව සංචාරක සංගමය ද (Negombo Tourist Association - NTA) සංචාරක කර්මාන්තයට නව ප්‍රාණයක් ලබා දෙමින් 2026 සැප්තැම්බර් මස 27 වන දින සවස මීගමුව සංචාරක කලාපයේ පිහිටි " බන්යැන් බායි සෙන්ටිඩෝ හෙරිටන්ස් " ( "Banyan by Sentido HERITANCE" ) අවන්හල් පරිශ්‍රයේදී විශේෂ ජාත්‍යන්තර සංචාරක දින සැමරුම් වැඩසටහනක් අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.
මෙහිදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇති සංස්කෘතික බලමණ්ඩලය විසින් මෙරට ජාතීන් අතර ඇති විවිධත්වය සහ අනන්‍යතාවයන් මනාව විදහා දැක්වෙන නර්තනාංග සහ සංගීතමය අංග කිහිපයක් ඉදිරිපත් කරන ලද අතර එහි විශේෂත්වය වූයේ, මෙම සියළුම නර්තනාංග ඉදිරිපත් කරන ලද්දේ මීගමුව සංස්කෘතික බලමණ්ඩලයේ ලියාපදිංචි රංග ආයතනවල සාමාජික සාමාජිකාවන් වීමයි.
මෙම වැඩසටහනට මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අතර, මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතා විශ්‍රාමලත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරියක වූ නීතිඥ නාලනී හංසමාලා ජයතිලක මහත්මිය, මීගමුව සංස්කෘතික කටයුතු පිළිබඳ නිලධාරිනී දීලූෂා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ආරාධිතයන් පිරිසක් සහ වැඩසටහන නැරඹීම සඳහා මීගමුව සංචාරක කලාපයේ ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවන් සහ උසස් නිලධාරීන් ඇතුළු අමුත්තන් පිරිසක්ද ,විවිධ රටවලින් පැමිණි විදේශීය සංචාරකයන් පිරිසක් සහ ශ්‍රී ලාංකික සංචාරකයන් පිරිසක්ද සහභාගී වූහ.









"ක්ලීන් ශ්‍රී ලංකා " ජාතික වැඩසටහන යටතේ "පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර" යන තේමාව පෙරදැරි කරගෙන ස්වේච්ඡා ප්‍රජා සහභාගිත්වය තුලින්, "දැකුම්කලු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" බිහි කිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය , පෞද්ගලික සහ මහජන හවුල්කාරිත්ව (4P) සංකල්ප මත පදනම්ව "අත්තම" දෙවන අදියර ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව 2026 සැප්තැම්බර් මස 19 වන දින 157 බෝලවලාන හා 163ඒ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරි වසම්වල වැඩසටහන් පවත්වන ලදි.
157 - බෝලවලාන


163ඒ කැපුන්ගොඩ


ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව, “ක්ලීන් ශ්‍රී ලංකා” සහ “අත්තම” ජාතික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2026 සැප්තැම්බර් 19 වන දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි.
මෙහි ප්‍රධාන අරමුණ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතිය ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍යවලින් තොරව පවත්වාගෙන යාම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජනතාවගේ අවධානය හා සහභාගීත්වය තවදුරටත් වර්ධනය කිරීම වූ අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා පිරිස් සහ ප්‍රදේශවාසීන් සහයෝගය ලබාදෙන ලදි.



මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් සමීප කරදීමේ අරමුණින් ක්‍රියාත්මක “රාජ්‍ය සේවය ගමට” විශේෂ ජංගම සේවා වැඩසටහනේ 09 වැනි අදියර 2026 සැප්තැම්බර් මස 18 වන දින උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මහජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු රැසක් එකම වහලක් යටදී ඉටු කරදීම උදෙසා සේවා රාශියක් මෙහිදී සාර්ථකව සපයන ලදී.
ඒ අනුව සුභසාධන හා සහන සේවා: අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටලු නිරාකරණය, වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගාධාර කටයුතු සම්පාදනය, ජනාධිපති අරමුදල් ආධාර අයදුම්පත් යොමු කිරීම, ආපදා සහන සේවා, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා සමාජ සේවා කටයුතු, රැකියා හා ව්‍යාපාර සංවර්ධනය: විශේෂ රැකියා පොළක් පැවැත්වීම, වෘත්තීය මාර්ගෝපදේශනය, උසස් අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීම, ක්ෂුද්‍ර ව්‍යාපාර සංවර්ධන උපදේශනය සහ ව්‍යාපාර නාම ලියාපදිංචිය, ලියාපදිංචි කිරීම් හා ලේඛන සේවා: ජාතික උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම, ජාතික හැඳුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් සෑදීමේ රාජකාරි, හෝම්යෝපති වෛද්‍ය සායනය , ඉඩම්, ධීවර හා උපදේශන සේවා: රජයේ ඉඩම් ගැටලු විසඳීම, ධීවරයන් ලියාපදිංචිය, ධීවර හැඳුනුම්පත් සැකසීම, මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම මෙන්ම ළමා හිමිකම්, මානසික සෞඛ්‍ය උපදේශනය, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම, නීති ආධාර , ණය සහන මණ්ඩල දැනුවත් කිරීම් හා සමථ මණ්ඩල සේවාවන්ද මීට අමතරව පොල් සංවර්ධන මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය, කලාප අධ්‍යාපන කාර්යාලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, මීගමුව පොලීසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක සේවාවන් ද, මහජන සෞඛ්‍ය සුවතාව වෙනුවෙන් පවත්වන ලද විශේෂ ආයුර්වේද සෞඛ්‍ය සායනය හා නොමිලේ ඇස් කන්නාඩි සඳහා පරීක්ෂාවද එකම ස්ථානයකින් ජනතාව වෙත සපයන ලදී.
මෙම විශේෂිත ජංගම සේවා වැඩසටහන සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපතිතුමා, උප නගරාධිපතිතුමා,දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය , රාජ්‍ය ආයතන වල නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් අතිවිශාල පිරිසක් සහභාගී වූහ.
වැඩසටහන අවසානයේදී, තමන්ගේ අවශ්‍යතාවයන් සාර්ථකව ඉටු කරගෙන නික්ම ගිය සෑම ජනතාවක් වෙතම පරිසර සුරක්ෂිතතාව සංකේතවත් කරමින් පුවක් පැළයක් බැගින් තිළිණ කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු කළ අතර, අර්ථපූර්ණ මතකයන් රැසක් ඉතිරි කරමින් මෙම 9 වන ජංගම සේවා වැඩසටහන අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය.























