චිත්‍ර ඇඳීම, පාට කිරීම, ඇඹීම, විවිධ නිර්මාණ කිරීම කුඩා දරුවන්ට දෘශ්‍ය ප්රකාශනය සහ සංවේදී ඉන්ද්රිය ගවේශණයන් සදහා සජීවී දොරටුවකි. මේ සදහා නව දැනුම, ආකල්ප, කුසලතා පෙර පාසල් ගුරුවරියන් ට ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන අතර ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සදහා වු ප්‍රායෝගික වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 17 වන දින මීගමුව අභයසේකරාරාම විහාරස්ථ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී නිර්මාණාත්මක කුසලතා සහිත ගුරුවරියන්ගේ දැනුම හුවමාරු කර ගනිමින් නවක ගුරුවරියන් සදහා නව නිර්මාණ හදුන්වා දුන් අතර ඔවුනොවුන් අතර නව නිර්මාණ රාශියක් එළිදැක්වීමද දැකගත හැකි විය. මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් සිදු කරන ලද අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් 175ක් පමණ මෙම වැඩසටහනට සහභාගී විය.



මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වට පිටාව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අනුබල සැපයෙන දයාන්විත අන්තර් ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව හා පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. මෙම මුල් ළමාවියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවකු විධිමත් පාසලකට යොමුවන අවස්ථාවේ දී දිගුකාලීන අධ්‍යාපනයකට කෙසේ වෙතත් පාසල් ඉගෙනුමට පවා නිසි සූදානමක් නොමැති, සම්පත් අහිමිවූ තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කරයි.
මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන් ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව අල් අස්හර් පෙර පාසල් පරිශ්‍රයේ දී 2026 සැප්තැම්බර් මස 04 වන දින පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.


අනාගතයට සෞඛ්‍ය සම්පන්න, ක්‍රීයාශීලී පරපුරක් දායාද කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "මීගමු වෙරළ මලල ක්‍රීඩා තරගාවලිය" අගෝස්තු මස 31 වන දින ඒත්තුකාල වෙරළ තීරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා මීගමුව නාගරික මන්ත්‍රී මංගල ඩයස් මහතා, නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහණ පෙරේරා මහතා , මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී ප්‍රදීප් පීරිස් මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ලියාපදිංචි ක්‍රීඩා සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වු අතර එහිදී වයස අවුරුදු 11න් පහළ, 12න් පහළ ,13පහළ, 14න් පහළ, 16න් පහළ සහ විවෘත බාලක බාලිකා මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින්, කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සහතික පත් සහ සම්මාන කුසලාන ප්රදානය කිරීම ද සිදු කෙරිණි.
+

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය) වැඩසටහනක් 2026 සැප්තැම්බර් මස 03 දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී අරුණ වික්‍රමනායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර අල්පලාහ් මහා විද්‍යාලයේ උපදේශන නිලධාරි නස්මිලා මහත්මිය විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.


මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවගේ එදිනෙදා රාජ්‍ය සේවා අවශ්‍යතා රැසක් එකම වහලක් යටදී ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර දීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "රාජ්‍ය සේවය ගමට" ජංගම සේවා වැඩසටහන් මාලාවේ 09 වන අදියර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අගෝස්තු මස 28 වන දින උදෑසන 9.00 සිට සවස 2.00 දක්වා දුන්ගල්පිටිය සේවා පියසේදී සාර්ථක අයුරින් පැවැත්විනි. මෙම අවස්ථාව සඳහා නාගරික මන්ත්‍රීවරුන් වන නලින් හෙට්ටිආරච්චි, ජූඩ් ඉෂාර යන මහත්වරුන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරුන් රැසක් සහභාගි විය.
මෙම ජංගම සේවයේදී 163 - තලාහේන , 163 B - දුන්ගල්පිටිය, 163A - කැපුන්ගොඩ , 163C- සෙත්තප්පාඩුව යන ග්‍රාම නිලධාරි වසම්වල ජනතාවට තමන්ගේ අවශ්‍යතා රැසක් උප්පැන්න, මරණ, විවාහ සහතික නිකුත් කිරීම , ජාතික හැඳුනුම්පත් සම්බන්ධ රාජකාරි , වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම , රජයේ ඉඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කටයුතු , ආපදා සහන සේවා , ළමා, කාන්තා කටයුතු හා උපදේශන සේවා , විදේශ සේවා සහ රැකියා ගත කිරීම් , අස්වැසුම සේවා සහ සමාජ සේවා ගැටළු , විශ්‍රාම වැටුප් ,ව්‍යාපාර ණය හා උපදේශන සේවා ආදී රාජ්‍ය සේවාවන් ජනතාවගේ දොරකඩටම රැගෙන යමින්, ඔවුන්ගේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට හැකිවීය. එදින විශාල ජනතාවක් මෙම සේවාවන් ලබාගැනීම සඳහා එක්විය.






















