මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 07 වන වරට දළුපොත, පෙරියමුල්ල, නැගෙනහිර දළුපොත, හුණුපිටිය යන වසම්වල මහජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහනක් 2026 ජුනි මස 25 වන දින උදෑසන 9.00 සිට පෙරියමුල්ල අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදි. එදින විශාල ජනකායක් සහභාගී වූ අතර මෙම වැඩසටහන මඟින් එම වසම්වල ජනතාවගේ ගැටලු රැසකට එකම වහලක් යටදී, කාර්යක්ෂම සහ ඉක්මන් විසඳුම් ලබා දීමට හැකි විය.
මෙහිදී උප්පැන්න , මරණ, විවාහ සහතික නිකුත්කිරීම, ජාතික හැඳුණුම්පත් රාජකාරි, වැඩිහිටි හැඳුණුම්පත් සැකසීම, රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි, ව්‍යාපාර ලියාපදිංචිය, ආපදා සහන සේවා, ළමා කාන්තා කටයුතු හා උපදේශන සේවා, විදේශ රැකියා ගතකිරීමේ සේවා, අස්වැසුම, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්, ව්‍යාපාර ණය සහ සේවා ඇතුළු සේවා රැසක් ලබාදෙන ලදි.




මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු අවදානම පාලනය කිරීම වෙනුවෙන්, මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ සෘජු මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේ දැවැන්ත ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. ජුනි 26, 27 සහ 28 (තෙදින පුරාවට අඛණ්ඩව) මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා ඩෙංගු රෝගීන් බහුලවම වාර්තා වන අධි අවදානම් සහිත ප්‍රමුඛතම ග්‍රාම නිලධාරී වසම් දෙක (02) එනම් උතුරු මුන්නක්කරය හා නැගෙනහිර වැල්ල වීදිය කේන්ද්‍ර කරගනිමින් සහ අනෙකුත් සියලුම වසම් ආවරණය වන පරිදි මෙම විශේෂ ශ්‍රමදාන හා ක්ෂේත්‍ර පරීක්ෂණ වැඩසටහන් දියත් විය. එක්ව පෙළගැසුණු නිලධාරී බලකාය සහ ප්‍රජා දායකත්වය:මෙම සත්කාරය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය, ආරක්ෂක සහ සිවිල් සංවිධාන රැසක් එකමුතුව කැපී පෙනෙන සහයෝගයක් ලබා දුන්හ:දේශපාලන අධිකාරිය,මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මීගමුව මහ නගර සභාවේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) , මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) නිලධාරීන්, ග්‍රාම ශක්ති කමිටුව, ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා සමිති, වැඩිහිටි සමිති ඇතුළු සිවිල් සංවිධාන හා පොදු මහජනතාව සහභාගී වූ අතර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ කීටයන් විනාශ කිරීම අවදානම් කලාප පිරිසිදු කිරීම සහ දුම් ගැසීම (Fogging) ජනතාව දැනුවත් කිරීම සහ පරිශ්‍රයන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන ලදි.
රජයේ සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමට අමතරව, ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය සහ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරීමට ඔබත් දිනපතා සක්‍රීයව දායක වන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කාරුණිකව ඉල්ලමු.


ඩෙංගු මර්දන වැඩසටහන - කොච්චිකඩේ සද්ධර්මොදය දහම් පාසල


162/B දකුණු පිටිවන ඩෙංගු වැඩසටහන
ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන- 75 කට්ටුව වැඩිහිට් ග්‍රාමීය කමිටු සාමාජික මහත්ම මහත්මීන් සමඟ එක්ව කට්ටුව ග්‍රාම නිලධාරී වසමේදී අද දින සිදු කරන ලදී
මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන " SED Mini Fair " අලෙවි පොල 2026 ජුනි මස 22 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ව්‍යවසායකයන්ගේ සහභාගීත්වයෙන් සාර්තකව පවත්වන ලදි.


ඩෙංගු රෝගයෙන් වැලකී සීටීම, දරුවන්ගේ පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම සහ යෝග භාවිතයෙන් මානසික ආතතිය අවම කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් 2026 ජුනි 18 දින පිටිපන සිඟිති දිවිහුරු පෙරපාසලේදි පවත්වන ලදි.
මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී සංවිධානය කල සංවිධානය කල අතර පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී විය.


මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්යාලය ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව මහ නගර සභාව, ගුවන් හමුදාව හා ECSTEEL ආයතනය එක්ව මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2026 ජුනි මස 12 වන දින පවත්වන ලදි. මේ සදහා මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ,ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා ඇතුලු නගර සභා සේවකයන්,මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ,මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ Green Team කණ්ඩායම, ගුවන් හමුදා නිලධාරීන් හා ECSTEEL ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගී විය.






















