මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2026 මැයි මස 14 වන දින උදෑසන 9.00 සිට 12.00 දක්වා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී වජිරමාලා බියන්විල සහ නාලිකා මුණවීර යන මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් මිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්වඨාශයේ ව්‍යවසාකයින් 20 දෙනෙකු වෙත මෙම පුහුණුව ලබා දෙන ලදී.


මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් බෝලවලාන , කුරණ බටහිර, කුරණ නැගෙනහිර, අඟුරුකාරමුල්ල, උඩයාර්තෝප්පුව සහ උඩයාර්තෝප්පුව දකුණ යන වසම්වල මහජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවය ගමට - විශේෂ ජංගම සේවා වැඩසටහනක් 2026 මැයි මස 08 වන දින උදෑසන 9.00 සිට අඟුරුකාරමුල්ල අබේසේකරාරාමයේදී ( පුංචි පන්සල) පවත්වන ලදි.
මෙහිදී උප්පැන්න , මරණ, විවාහ සහතික නිකුත්කිරීම, ජාතික හැඳුණුම්පත් රාජකාරි, වැඩිහිටි හැඳුණුම්පත් සැකසීම, රජයේ ඉඩම් සම්බන්ධ රාජකාරි, ව්‍යාපාර ලියාපදිංචිය, ආපදා සහන සේවා, ළමා කාන්තා කටයුතු හා උපදේශන සේවා, විදේශ රැකියා ගතකිරීමේ සේවා, අස්වැසුම, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්, ව්‍යාපාර ණය සහ සේවා ඇතුළු සේවා රැසක් ලබාදෙන ලදි.



ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරන ලද මීගමුව අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා උළෙල 2026 මැයි මස 03 වන දින කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ගරු සභාපති සංගීත් පෙරේරා මහතා, මිගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන ග්‍රාම නිලධාරි ඇතුළු කාර්යාලයේ නිලධාරින් සහ නරඹන්නන් විශාල පිරිසක් සහභාගි විය.


ක්ලීන් ශ්‍රිලංකා වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ළමා සංවර්ධන කම්ටු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඩින් කඩ පාසැල් යන දරුවන්ගේ හා දිගුකාලීනව පාසල් නොයන දරුවන් පාසැල්ගත කිරීමේ දෙවන වැඩසටහන 2026 අප්‍රේල් මස 29 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී. එම වැඩසටහන සදහා කලාප අධ්‍යාපන කාර්යාලය හරහා පාසල් මට්ටමින් හදුනාගත් දරුවන් 15 දෙනෙකු ග්‍රාම නිලධාරින් හරහා සම්බන්ධ කරන ලද අතර කලාප අධ්‍යාපන කාර්යාලය, මීගමුව පොලිස් ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපතිතුමිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකයේ නිලධාරීන් සම්බන්ධ විය.
එහිදි අනිවාර්ය අධ්‍යාපන නීතිය, දරුවන්ගෙ අයිතිවාසිකම්, දෙමාපිය කාර්‍ය්භාරය පිලිබදව දරුවන් හා භාරකරුවන් දැනුවත් කරන ලදි. පසුව එක් එක් දරුවා සිය භාරකරු සමග ප්‍රදේශිය ලේකම් කාර්යාල නිලධාරින් සමග තම ගැටලුව, ඉල්ලිම් පිලිබදව සාකච්ජා කරන ලදි. ඒ අනුව ඒ ඒ දරුවාගෙ ගෑටලුව අනුව සාක්ෂරතා පන්ති වෙත සතියක් යොමු කර සිය පාසලට ඇතුලත් කිරිමට තීරණය විය. මෙය පාසල සමග අඛණ්ඩව පසුවිපරම් කිරිමට නියමිතය.






















