පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම අද මුළු ලොවම ඉතා ඉහළින් පිළිගෙන ඇත. එහිදී ලබා දෙන අධ්‍යාපනය කලින් කලට සමාජමය හා ව්‍යාපාරික බලපෑම් අනුව විවිධ මුහුණුවර ගෙන ඇතත්, දරුවන් වඩාත්ම හොඳින් ඉගෙන ගන්නේ දෑත් යොදා නිදහසේ කරන සෙල්ලම්, ක්‍රියාකාරකම් මගින් සිය පරිසරය තුළ කෙරෙන අත්හදා බැලීම් තුළින් බව එදත්, අදත් ළමා මනෝවිද්‍යාඥයින් අවධාරණය කර ඇත.  මේ පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරපාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 16 වන දින මීගමුව උඩයාර්තෝප්පුව ප්‍රජාශාලාවේදී පැවැත්විණි. සියලු සංවර්ධන පැතිකඩ වෙත දරුවා කැඳවාගෙන යන්නේ කෙසේද? මෙන්ම දරුවාට මේ සියල්ල අත්පත් කර ගැනීමට ගුරුතුමියට පැවරෙන කාර්යභාරය? පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කරන ලදී.

lasep  lasep1  lasep2

lasep3  lasep4  lasep5

 

 

ප්‍රජා  පාදක විශෝධන දෙපාර්තමේන්තුවට  අනුයුක්ත , මීගමුව ප්‍රජා  විශෝධන  කාර්යාලය මගින් සංවිධානය කළ සරුංගල් තරඟයක් 2025 සැප්තැම්බර් මස 10 වන දින උදෑසනදී  මීගමුව වෙරළ  උද්‍යාන  පරිශ්‍රයේදී  පැවැත්විණි.  ” ගගන සරණ ඉඳුවර රූ ” ලෙස නම්කර ඇති මෙම සරුංගල් තරඟය උදෑසන සිට සවස 2.00 දක්වා පවත්වන ලදි.  මේ සඳහා සහභාගි වීම අනිවාර්ය වූයේ  මීගමුව, ප්‍රජා විශෝධන කාර්යාලය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රජා විශෝධන කාර්යාලවල නියෝගලාභීන්ට පමණි

මෙහි ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස බස්නාහිර පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරි, තිස්ස කුමාර මහතා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  මහත්මිය සහ කටාන සහකාර ප්‍රාදේශීය ලේකම් නිලූෂ ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසක්ද සහභාගි වූහ.

එලෙස නියෝගලාභීන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් ප්‍රජා විශෝධනලාභීන්ගේ නිර්මාණාත්මක චින්තනයන් සේම ඔවුන්ගේ නිර්මාණාත්මක කලා කුසලතාවයන් සංවර්ධනය කිරීම සහ එළිමහන් ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ ආතතී කළමනාකරණය ( Stress Management ) කර ගැනීම, මෙම සරුංගල් තරඟය පැවැත්වීමේ මූලික අරමුණ වීය.

මෙම සරුංගල් තරඟය සඳහා ප්‍රජා විශෝධන නියෝග ලාභීන් 50 දෙනකු පමණ විවිධ ආකාරයේ, විවිධ ප්‍රමාණවලින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් අලංකාර ලෙස නිර්මාණය කළ සරුංගල් තරඟය සඳහා ඉදිරිපත් කර තිබිණි. තවද මෙම තරඟය නැරඹීම සඳහා එම ප්‍රජා විශෝධන නියෝගලාභින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පැමිණි අතර මෙම සරුංගල් තරඟයට  ඉදිරිපත් කළ සරුංගල් අතරින් ,නිර්මාණාත්මක සරුංගලය, විචිත්‍රවත් සරුංගලය සහ හොඳම මුදුන් කිරීමේ සරුංගලය යන කාණ්ඩ යටතේ තෝරා ගන්නා සරුංගල් සඳහා තරඟය අවසානයේ වටිනා ත්‍යාග පිරිනැමීමටද කටයුතු යොදා තිබිණි.

kite  kite4  kite5

kite1  kite2  kite3

kite8  kite7   kite6 

                        kite9

ආබාධිත ප්‍රජාව සාමාජිකත්වය දරන මීගමුව  ස්වශක්ති සංවිධානයේ වාර්ෂික විනෝද චාරිකාව 2025 අ‍ගෝස්තු මස 30 වන දින පින්නවල එළිමහන් සත්වෝද්‍යනයෙහි  හා පේරාදෙණිය උද්භිද උද්‍යානයෙහි සංචාරය කරන ලදී. එයට ආබාධිත ප්‍රජාව සහ භාරකරුවන් 84 දෙනෙක් සහභාගී වූ අතර චාරිකාව සඳහා වියදම දරන ලද්දේ ඔවුන්ගේම සංවිධානය වන  ස්වශක්ති සංවිධානය විසිනි .

trip7  trip  trip1  

trip5.gif  trip2  trip9 

trip4  trip6  trip3

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ  මිනිස්  බල හා රැකිරක්ෂා  දෙපාර්තමේන්තුවේ  මීගමුව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ  මානව සම්පත්  සංවර්ධන  අංශය මගින් සංවිධානය  කර පැවැත් වූ රැකියා පොළ  2025 සැප්තැම්බර් මස 03 වන දින මීගමුව උඩයාර්තෝප්පුව ප්‍රජා ශාලාවේදි පැවැත්විණි.

මෙහිදී රැකියා වෙළඳ පොලේ පවතින රැකියා අවස්ථා සඳහා එම රැකියාවලට ගැලපෙන පරිදි සුදුසුකම් ලබාගැනීමට හා  අපේක්ෂිත රැකියාව  සඳහා අධ්‍යාපන සුදුසුකම් ගලපා  ගැනීම සම්බන්ධව දැණුවත් කල අතර මෙම අවස්ථාවට  ආයතන 12 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙන්ම රැකියා අපේක්ෂිත තරැණ තරැණියන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගි විය.

job3  job2  job8  job  job9  job6  

job7  job4 job5

 

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ  සමෘද්ධි අංශය හා කුඩා ව්‍යාපාර අංශය එක්ව අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන්  සවිබල ගැන්වීම  සදහා 2025 සැප්තැම්බර් මස 02 වැනි දින පෙ.ව.9.00 ට  දැනුවත් කිරීමේ වැඩසටහනක්  මීගමුව මහවීදිය දේවස්ථාන ශාලාවේදී පැවැත්විය. ඒ සදහා ප්‍රතිලාභීන් 800   ක් පමණ සහභාගිවු අතර සම්පත් දායකත්වය  ප්‍රාදේශීය ලේකම්තුමිය , කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී හා සමෘද්ධි කලමණාකරු විසින් ලබා දෙන ලදි.

samur  samur1  samur2

samur3  samur4  samur5

News & Events

07
සැප්2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

07
සැප්2026
අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

අධ්‍යාපන ආධාර ලබන දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීමේ (දෙමළ මාධ්‍ය)වැඩසටහන

මනෝ සමාජීය කුසලතා සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ආධාර...

Scroll To Top