සුරකිමු සෙල්ලම - සුරකිමු ළමාවිය තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ ජූනි මස 11 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සෙල්ලම් දිනය සැමරීම වෙනුවෙන් පෙර පාසල් දරුවන් සඳහා විශේෂ වැඩසටහනක් 2026 ජුනි මස 12 වන දින මීගමුව පෝරුතොට දී පවත්වන ලදී. මෙම වැඩසටහන සදහා පෙර පාසල් දරුවන් 125 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූ අතර සෙල්ලම තුළින් දරුවන්ගේ බුද්ධි සංවර්ධනය, සමාජ කුසලතා සංවර්ධනය, භාෂා හා සන්නිවේදන කුසලතා සංවර්ධනය, මානසික සංවර්ධනය උදෙසා ලැබෙන දායකත්වය පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන ලදි. එහිදී නිදහස් සෙල්ලම්, නිර්මාණාත්මක සෙල්ලම් මෙන්ම භූමිකා නිරූපණ,ගීත හා චලන තුළින් දරුවන් සමග විවිධ ක්‍රියාකාරකම් සිදු කල අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, මීගමුව ද හෙල්පින් හෑන්ඩ්ස් රොහල් අධ්යක්ෂ තාරු පරණවිතාන මහත්මිය, මීගමුව ළමා ආරක්ෂක නිලධාරී සහනි මල්ලවආරච්චි මහත්මිය සහ මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය විසින් ලබාදෙන ලදී.



ජගත් පරිසර දිනය හා ජාතික පරිසර සතියට සමගාමීව මීගමුව ශාන්ත මරියා විදුහලේ දරුවන් සඳහා දේශගුණික විපර්යාස හා වායු දූෂණයේ බලපෑම අවම කිරීම යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජුනි 10 වන දින එම විදුහලේදී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ගම්පහ , අස්ගිරිය උද්භිද උද්‍යාන - අධ්‍යාපන හා පර්යේෂණ සංවර්ධන නිලධාරි H. A. D. ජයශාන්ත හෙට්ටිආරච්චි මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාලීය පරිසර ඒකකය විසින්ම සංවිධානය කරන ලදී.


ජගත් පරිසර දිනයට හා ජාතික පරිසර සතියට සමගාමීව පැවැත්වෙන පරිසර වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් 2026 ජුනි මස 05 වන දින පිටිපන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේදී සිදු කෙරිනි. එහිදී මුහුදු වෙරලට ආසන්නයෙන් මුඩු බිමක් ලෙස පැවති භූමිය තුල පොල් පැල සිටුවීම සිදු කරන ලදී. ඒ සදහා කන්‍යා සොයුරියන් සමග පිටිපන ග්‍රාම නිලධාරි වසමේ රාජ්‍ය නිලදාරීන් ,ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ Green Team හා පොල් සංවර්ධන නිලධාරී සහභාගී විය. මේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මග පෙන්වීමෙන් කෘෂිකාර්ම සංවර්ධන නිලධාරි දුශී ස්වර්නමාලි මහත්මිය විසින් සංවිධානය කරන ලදී.
ජගත් පරිසර දිනය අදයි පරිසරය රැකීම එක් දිනක සටන් පාඨයක් නොවේ, එය මහ පොළොවේ යථාර්ථයයි. එය අප හුස්ම හා බැදුණු ප්‍රායෝගික ගනුදෙනුවයි.
Today is World Environment Day.
Protecting the environment is not a one-day slogan; it is a reality on the ground. It is a practical transaction deeply intertwined with our very breath.
💚🌍 #WorldEnvironmentDay"




2026 ජගත් පරිසර දිනයට සමගාමීව ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය නිමිති කොටගෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාලිය පරිසර ඒකකය හා ළමා කාන්තා ඒකකය එක්ව පාසල් දරුවන් සදහා චිත්‍ර තරගයක් වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දී 2026 ජුනි මස 09 දින පවත්වන ලදි.


“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 156 A උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී වසමේ කුට්ටිදූව කරවල /ධීවර වාඩි වෙත පිවිසෙන සෙල්බි පාර ආරම්භයේ සිට මාර්ගය උස්සා කානු සහිතව කාපට් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය 2026 ජුනි මස 02 වන පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන්ද, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු දේශපාලන අධිකාරි නියෝජිතයින්ද , ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ඇතුළු කමිටු සාමාජිකයින් සමග ගම්වාසීන් සම්බන්ධ විය.





















