Clean Sri Lanka වැඩසටහනට සමගාමිව මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීමෙන් ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා විද්‍යා ආයතනයේ කථිකාචාර්ය ඥානපාල මහතාගේ සම්පත්දායකත්වයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින් සදහා ශරීර සුවතා වැඩසටහනක් සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් මීගමුව කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදි 2025 අගෝස්තු මස 23 වන දින පැවැත්විණි.


කලපු ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ යෙදෙන යාත්‍රා හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අගෝස්තු මස 19 වන දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මගපෙන්වීම යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


Clean Sri Lanka වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි මහත්මියගේ මග පෙන්වීමෙන් ළමා හා කාන්තා ඒකකය හා සංස්කෘතික අංශය මගින් සංවිධානය කරනු ලැබූ, පෙර පාසල් දරුවන් හා දෙමාපියන් සඳහා වූ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හා සෞන්දර්ය වැඩමුළුවක් 2025 අගෝස්තු මස 26 දින මීගමුව දුන්ගල්පිටිය දොන් බොස්කෝ පරිශ්‍රයේදී පැවැත්විණි.
මිනිස් ජීවිතයේ ඉතාම වැදගත් හා සංවේදීම කාලපරිච්ඡේදය මුල් ළමාවිය අවධියයි. මුල් වසර පහක කාලයක් තුළ ලදරුවාගේ කායික, මානසික, සමාජීය හා චිත්තවේගමය දියුණුව සඳහා ධනාත්මක පරිසරයක් උරුම කරදීම දෙමාපිය, ඥාති මිත්‍රාදීන්ගේ වගකීමයි. මේ පිළිබඳව සහ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණු අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ගංගා හේමන්ති මහත්මිය, ළමා ආරක්ෂණ නිලධාරී සහනි මල්ලව ආරච්චි මහත්මිය, සංස්කෘතික නිලධාරී දිලූෂා ප්‍රනාන්දු මහත්මිය හා ආයුර්වේද සංවර්ධන නිලධාරී එරන්දි වීරකෝන් මහත්මිය විසින් ලබා දෙන ලදී.
මේ සඳහා දොන් බොස්කෝ පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු දරුවන් හා දෙමාපියන් සියයක් පමණ සහභාගි විය.


ගම්පහ දිස්ත්‍රික් ළමා සභා යෝජනාවකට අනුව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන් දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිණිස පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පා ගමනක් 2025 ජූලි මස 16 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.
මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය හා ඒකාබද්ධව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද අතර අනුග්‍රාහකත්වය Peace ආයතනය මගින් සිදු කරන ලදී. මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ළමා සමාජ දරුවන් 500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් පවත්වන ලදී. ළමා අපයෝජනය, අන්තර්ජාල අවභාවිතාව පිලිබද දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලයේදි පැවැත්වීමෙන් අනතුරුව මිගමුව නගර මධ්‍ය කරා ප්‍රජාව දැනුවත් කරමින් පාගමන සිදු කරන ලද අතර විදී නාට්‍ය සංදර්ශන මගින්ද ළමා අයිතිවාසිකම් පිලිබදව ප්‍රජාව දැනුවත් කරන ලදී.



ස්ථීර නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටි මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තවත් ආධාර ලාභීන් 7 දෙනෙකු සදහා නව නිවාස වල ඉදිකිරීම් ආරම්භ කරමින් මුල් ගල් තැබීම 2025 අගෝස්තු මස 20 වන දින සිදු කරන ලදි.




















