දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමා ,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්‍රීඩා නියේජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් / මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ සංවිධානයෙන් මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025 ජූලි 09 වැනි දින මීගමුව මහා නගර සභා ශාලාවේ දී පැවැත්විණි.
මෙම රැස්වීමට මීගමුව නාගරික කොමසාරිස්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය , සහකාර අධ්‍යක්ෂකවරියන් (සැලසුම්) ,ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් , රාජ්‍ය ආයතන, දෙපාර්මේතන්තු ප්‍රධානීන් හා අදාල නිලධාරින් , පොලිස් දෙපාර්තමේන්තු නිලධාරින් සහභාගි විය.
එහිදී මිගමුව කොට්ඨාශයේ ආරක්ෂාව පිළිබඳව හා පසුගිය රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණු වල වර්තමාන තත්වය විමසීම , පවතින ගැටළු නිරාකරණය කිරීම සාකච්ඡා කල අතර කොට්ඨාශයේ සියළුම සංවර්ධන වැඩසටහන් සඳහා කමිටුවේ අනුමැතිය ලබා ගැනීමද , අධ්‍යාපන හා සෞඛ්‍ය වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමක්ද, වර්ල්ඩ් විෂන් ආයතනය මඟින් "ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය " ( Social Dialogue for Peace and Crisis Prevention in Sri Lanka ) ව්‍යාපෘතියට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපේක්ෂිත සහය ලබාගැනිම සඳහා දැනුවත් කිරිමක්ද සිදුකරන ලදි.



ධීවර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් පසුගියදා දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරන කමිටු රැස්විම මිගමුව මහ නගර සභා ශාලාවේදි පැවැත්විනි.



මිගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චිමහත්මියගේ මගපෙන්වීම යටතේ 163/Cසෙත්තප්පාඩුව වසමේ ග්‍රාම නිලධාරි වාසනා ශ්‍රීමාලි මහත්මියගේ සංවිධානයෙන් මුහුදු වෙරළ ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළීබඳව ආකල්ප දරුවන් තුළින් ගොඩනැඟීමේ අරමුණින් දැණුවත් කිරීමේ වැඩසටහනක් සහ ඊට සමගාමිව එම දරුවන් සමග මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2025 ජූලි මස 05 වන දින සාර්ථකව සිදුකරන ලදි.



ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ සංකල්පනාවකට අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හඳුනාගත් අනාරක්ෂිත හා අවදානම් තත්වයේ පසුවන දරුවන්ගේ මනෝ සමාජීය තත්වය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ළමා පොකුර වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් 2025 ජූලි මස 05 වන දින මීගමුව රාජපක්ෂ උද්‍යානයේදී පැවැත්විණී.
එහිදී 2024 වර්ෂයේදී මෙම කොට්ඨාශය තුල හඳුනාගත් අවදානම් දරුවන් 78 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද ළමා පොකුර වැඩසටහන යටතේ එම දරුවන්ගේ හා භාරකරුවන්ගේ මනෝ සමාජීය හා ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් සපයන ලද සේවාවේ ප්‍රගතිය හා ගැටළු සඳහා අවශ්‍ය මැදිහත්කරණයන් සම්බන්ධව විමසා බලන ලද අතර දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් හා භාරකරුවන් සඳහා යහපත් දෙමාපියභාවය පිළිබඳව දැනුවත් කිරිමක්ද සිදු කරන ලදි.
මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය හා කාර්යාල නිලධාරි මණ්ඩලය විසින් සංවිධානය කල අතර හඳුනාගත් අනාරක්ෂිත හා අවදානම් තත්වයේ පසුවන දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන් සහභාගි විය.



මිනිස් ජිවිතයේ ඉතාම වැදගත් හා සංවේදිම කාලපරිච්ඡේදය මුල් ළමාවිය අවධියයි. මුල් වසර පහක කාලයක් තුල ලදරුවාගේ කායික, මානසික , සමාජමය හා චිත්තවේගමය දියුණුව සඳහා ධනාත්මක පරිසරයක් උරුම කරදීම දෙමාපිය , ඥාති මිත්‍රාදීන්ගේ වගකිමයි. මේ පිළිබඳව මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැණුවත් කිරිමේ පුහුණූ වැඩමුළුවක් මිගමුව , කුඩාපාඩුව මාතෘ සායන ශාලාවේදි පැවැත්විණී.
මේ සඳහා මීගමුව මුල් ළමාවිය සංවර්ධන නිලධාරි , කුඩාපාඩුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි සහ කුඩාපාඩුව නාගරික පෙර පාසැලේ ප්‍රධානාචාර්යතුමිය සම්පත් දායකත්වය ලබාදුන් අතර , මුල් ළමාවිය දරුවන්ගේ දෙමව්පියන් විශාල පිරිසක් මේ සඳහා සක්‍රීයව සහභාගි විය.
මෙම වැඩමුළුව මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි ගංගා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කර තිබුණී.





















