" Clean Sri Lanka " ජාතික වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ නගර පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 14 වන දින මීගමු නගරයේදී මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මීගමු මහ නගර සභාවේ , ගුවන් හමුදාවේ, පාසැල් වෑන් රථ සංගමයේ සාමාජිකාවන්ගේ , මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ හා Green Team සාමාජිකයන්ගේ හා මීගමුව ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ශා. ජෝශප් විදිය ( තෙල්වත්ත හන්දිය රේල් ගේට්ටුව , රේල් ගේට්ටුවේ සිට පාලම දක්වා ) , පරණ හලාවත පාර හා කෙලින් වීදිය ( උසාවිය සිට පාලම දක්වා දෙපස, පාලම සිට රේල් ගේට්ටුව දක්වා ) මාර්ග දෙපස හා කාණු පිරිසිදු කරන ලදි.


"තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක් " තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මීගමුවට ආවේනික මීගමු අළුවා සැකසිමේ තරඟයක් හා මීගමු අළුවා සාදන ආකාරය නොදන්නා අයට සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් සේම සංචාරක ක්ෂේත්‍රයට මිගමු අළුවා මුසු කිරීම තුලින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළීබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මිගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 11 වන දින පැවැත්විණි.


49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව බස්නාහිර පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරන ලද මීගමුව අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා උළෙල, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 02 වන දින පෙ.ව. 9.00 සිට දිනය පුරා කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදි.
වයස අවුරුදු 16 න් පහළ මීටර් 100, 200,400, 100X4, 400X4, දුර පැනීම, උස පැනීම, කවපෙත්ත විසිකිරීම,තුන් පිම්ම(බාලක / බාලිකා) හා විවෘත අංශයේ මීටර් 100, 200,400, 800, 1500, 5000, 100X4, 400X4, දුර පැනීම, උස පැනීම, යගුලිය, හෙල්ල, කවපෙත්ත විසිකිරීම, තුන් පිම්ම(පිරිමි / කාන්තා ) යන තරඟ ඉසව් සඳහා තරඟකරුවන් සහභාගී විය.



CLEAN SRI LANKA ජාතික වැඩසටහනට සමගාමීව , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඒකාබද්ධව සංවිධානය කරන ලද මීගමුව කඩොලාන වනාන්තර ආශ්‍රිත කසල ඉවත් කිරීමේ වැඩසටහන 2025 පෙබරවාරි 26 දින පෙ.ව. 7.30 සිට පෙ.ව. 11.30 දක්වා මීගමුව සිරිවර්ධන පෙදෙස දී පැවැත්විණි.
එම වැඩසටහන ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමාගේ හා සුගත් තිලකරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මීගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් මෙන්ම මීගමුවේ පරිසර හිතකාමි ගම්වාසීන්ද ඒ සඳහා සහභාගී විය.






















