SMART HOME - සපිරි නිවහන ව්‍යාපෘතියට අදාලව තෝරාගත් ගෘහ ඒකකවල සාමාජිකයින් දැනුවත් කිරීමේ හා ව්‍යාපෘතියේ මූලික අරමුණ පැහැදිළි කිරීමේ වැඩසටහනක් මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඵලදායිතා නිලධාරි ගයාන් ප්‍රනාන්ඳු මහතාගේ සම්පත් දායකත්වයෙන් 2025 පෙබරවාරි  19 වන දින මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි. එම වැඩසටහනට අදාල වසම්වල ග්‍රාම නිලධාරින්, ආර්ථික  සංවර්ධන නිලධාරින් තෝරාගත් පවුල්වල සාමාජිකයින් සමෘද්ධි සංවර්ධන නිලධාරින් හා සියළුම ක්ෂේත්‍ර නිලධාරින් සහභාගී විය.

SMART1   SMART5   SMART2

SMART3   SMART4   SMART6

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මඟින් සංවිධානය  කරන ලද මුල්ළමාවිය සංවර්ධනය හා එහි වැදගත්කම පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුව විජය පෙර පාසැලේදී  2025 පෙබරවාරි මස 11 වන දින පැවැත්විණී.

CHILD11     

CHILD4

CHILD2                       CHILD3                           CHILD5

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ සංස්කෘතික අංශය විසින් 77 වන නිදහස් සැමරුම නිමිතිකොටගෙන සංවිධානය කරන ලද ලංකා ඉතිහාසය හා පැරණි ගොඩනැගිලි ඉදිකිරිම් තාක්ෂණය සම්බන්ධව  "උරුමය සොයා" වැඩසටහන  මීගමුව අසිරිමත් දේවමාතා විද්‍යාලයේදී 2025 පෙබරවාරි 07 වන දින පවත්වන ලදි.

HIS6     HIS2

  HIS3                     HIS5

HIS4  HIS1

Clean Sri Lanka "පොහොසත් රටක් , ලස්සන ජීවිතයක් "  තේමාව යටතේ සුන්දර වෙරළක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අනුව සුන්දර වෙරළක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීම සඳහා  වත්තල සිට මීගමුව දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහන යටතේ මීගමුව වෙරළ තීරයේ ස්ථාන  24 කදී  කි.මී. 20ත වෙරළ තීරය පිරිසිදු  කිරීම  2025 පෙබරවාරි 09 වන දින පෙ.ව. 7.00 සිට පෙ.ව. 11.00 දක්වා මීගමුව වෙරළ තීරයේදී පවත්වන ලදි.

එහි සමාරම්භක අවස්ථාව මීගමුව වෙරළ උද්‍යානයේදී ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්. මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු එම කාර්යාලයේ නිලධාරින් මෙන්ම මීගමුවේ රාජ්‍ය ආයතනයන්හි නිලධාරින්ද , පොලිසිය , ගුවන් හමුදාව , වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, මීගමුව මහ නගර සභාව, බන්ධනගාර නිලධාරින්හා එහි නේවාසිකයන්, සිවිල් සංවිධානත් ඇතුළුව දෙදහසකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී විය.

clean1  clean2  clean3

clean4  clean5  clean6

clean9  clean10  clean11

clean8

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top