අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමීව පවත්වන ලද නිදහස් දින ප්‍රධාන රැස්වීම සහ රුක් රෝපණ වැඩසටහන නිදහස් දින කාර්යාලීය පරිශ්‍රයේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා තරුණ හින්ඳු සංගමය එක්ව 11 වන වරටත් සංවිධානය කල තෛයිපොන්ගල් දින සැමරුම් උත්සවය ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ සහභාගීත්වයෙන් 2024 ජනවාරි මස 23 වන කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදි.


අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමිව "පවිත්‍ර කළපුවක් , නිරෝගි ජීවිතයක් " තේමා කර ගනිමින් 2024-02-02 වන දින සිරිවර්ධන පෙදෙස ග්‍රාම නිලධාරි වසම තුළ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. ඒ සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුව මහ නගර සභාව, නාරා ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, නොයෙල් ලංකා සමාගම- බියගම ආදී ආයතන සහ සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් සහභාගි විය.


අභිමානවත් 76 වන නිදහස් දින සැමරුමට සමගාමීව මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කළ මී පුර නිදහස් අභිමන් දේශ අභිමානි ගී ප්‍රසංගය 2024 පෙබරවාරි මස 02 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන අතර එහිදී කාර්යාලීය අංශ නියෝජනය කරමින් කව ලෙස දේශ අභිමානි ගී ගායනා ඉදිරිපත් කරන ලදි.























