මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා 2023-05-31 දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ අවමංගල්‍ය කටයුතු ජුනි මස 01 දින නගර සභා පොදු සුසාන භූමියේදී සිදු කරන ලදි.

කෝකිල කූජන - රබන් සුරල් මැද එරබදු මල් සුවඳින් විකසිතව මීපුර සූර්ය මංගල්‍යය මීගමුව කොටුව ක්‍රීඩාංගනයේදී 2023-04-29 වන දින මිපුර මහගෙදර සුබසාධක සංගමය විසින් පවත්වන ලදි.

75 වන නිදහස් දින සැමරුමට සමගාමීව 2023 පෙබරවාරි මස 02 වන දින පරිත්‍රාන පිරිත් ධර්ම දේශනයක් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප.ව. 4.00-ප.ව. 6.00 දක්වා කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදි.


ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම සඳහා ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ,හින්ඳු තරුණ සමිතියේ මූලික අනුග්‍රහයෙන් හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරි මහතාගේ සම්බන්ධිකරනයෙන් තෛයිපොන්ගල් උත්සවය 2023 ජනවාරි මස 17 වන අද දින දසවන වරටත් පවත්වන ලදි.























