මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුබසාධක සංගමය විසින් සංවිධානය කල මී පුර උදුවප් අසිරිය කාර්යාලය ඉදිරිපිටදී 2023.දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලදි.


රසිකා මල්ලවාරච්චි මහත්මිය 2023 දෙසැම්බර් මස 21 වන දින මීගමුව ප්‍රාදේශිය ලේකම් ධූරයේ වැඩ ආරම්භ කරන ලදි. 2012 ජනවාරි 02 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ එතුමිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 05 ක් , කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 02 ක් හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 04 ක් සේවය කරන ලදි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංගීත විශාරද සුදත් සමරසිංහයන් සහභාගීත්වයෙන් 2023/09/26 වන දින මීගමුව ශාන්ත මරියා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි.


ශ්‍රී ලාංකිය තරුණ තරුණියන්ගේ කුසලතා හඳුනා ගනිමින් ඒ සඳහා වැඩි වටිනාකමක් ලබාදීම උදෙසා ICTA ආයතනය විසින් National Freelancer Development Endeavour වැඩසටහනක් ආරම්භ කර ඇති අතර මෙහිදි නව නිදහස් වෘත්තිකයන් බිහි කිරිම මෙන්ම නිදහස් වෘත්තිකත්වය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමටද අවධානය යොමු කර ඇත. ඒ තුලින් නිදහස් වෘත්තිකයන් ලියාපදිංචිය මෙන්ම නිදහස් වෘත්තිකයන්ට අවශ්‍ය සේවා රාශියක් ලබාදීම අරමුණු කර ඇත.

මේ සඳහා ලියාපදිංචි වීම https://digitalfreelancer.gov.lk වෙබ් අඩවිය හරහා සිදුකල හැකිය. තවද ඒ හරහා ශ්‍රී ලාංකිකයන් අතර නිදහස් වෘත්තිකයන් ප්‍රවර්ධනය කිරිමත් , නිදහස් වෘත්තිකයන්හට ඔවුන්ගේ වෘත්තීය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරිම සහ ඔවුන්ගේ කුසලතා ඔප නැංවීම සඳහා සහය ලබාදීමත් ඉලක්ක කර ඇත.
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන සය මාසික මැහුම් පාඨමාලාව සඳහා අයඳුම්පත් කැඳවා ඇත. අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023/08/04 වන අතර සම්මුඛ පරීක්ෂණය 2023/08/07 දින පිටිපන ජනසඳර ( පිටිපන සමෘද්ධි බැංකුව අසල ) ශාලාවේදී පැවැත්වේ.




















