ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ නායකත්වය හා මගපෙන්වීම මත ආගමික නායකයින් , විශේෂ ආරාධිත අමුත්තන් සහ කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024/12/20 වන දින නත්තල් උත්සවය පවත්වන ලදි.

මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මගපෙන්වීමෙන්, කාර්යාලය හා තරුණ හින්ඳු සංගමය එක්ව ජාතීන් හා ආගම් අතර සහජීවන සංහිඳියාව ඇති කිරිම සඳහා 12 වන වරටත් පවත්වනු ලැබූ තෛයිපොන්ගල් දින සැමරුම් උත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් 2025 ජනවාරි මස 23 වන කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදි.




මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ බස්නාහිර පළාත් ග්රාම සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව පවත්වාගෙන ගිය ග්රාමීය කාන්තා පුහුණු මධ්යස්ථානයේ මැහුම් ප්රදර්ශනය සහ පාඨමාලාව අවසන් කල සිසුවියන් සඳහා සහතික පත් ප්රධානය, මීගමුව ප්රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්ච් මහත්මියගේ ප්රධානත්වයෙන් 2024 නොවැම්බර් මස 21 දින සිදුකරන ලදී. එම අවස්ථාව සඳහා ග්රාම සංවර්ධන අධ්යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ මහත්මිය සහ දෙපාර්තමේන්තු නිළධාරීන් කිහිපදෙනෙකුද සහභාගි විය.

මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ කටයුතු සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාඅරචිචි මහත්මියගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුනි.
ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් ජාතික ධජය ඔසවා නව වසරේ සුභාෂිංශන එක් කිරීමෙන් පසුව,රජය ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන එළිදැක්වීමේ සජීවි අවකාශය සමගින් සමස්ත කාර්ය මණ්ඩලය ම එක්විය.
මේ අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් මැණික් සේනානායක මහත්මිය ඇතුළු කාර්‍යාලයේ සියලු ම නිලධාරීන් එක්ව සිටිහ.

මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වන ලද වෘත්තීය පොළ වැඩසටහන 2024-10-10 දින දළුවකොටුව ශා.ක්ලේරා දෙව්සත්හලේදී මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මීගමුව කොට්ඨාශයේ වෙසෙන රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා පවත්වන ලදි. එදින
- සාගර විශ්ව විද්‍යාලය, මීගමුව
- සංචාරක හෝටල් පුහුණු ආයතනය , මීගමුව
- ඉංජිනේරු තාක්ෂණික ආයතනය, කටුණායක
- දොන් බොස්කෝ පුහුණු ආයතනය, මීගමුව
- නයිටා ආයතනය
- ඊසොප්ට් මෙට්රෝ කැම්පස්
- වේයන්ගොඩ උසස් තාක්ෂණික ආයතනය
යන පුහුණූ ආයතන ඉහත වැඩසටහන සඳහා සහභාගි වූ අතර එම වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදි.




















