මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලැබූ  ව්‍යාපාර සඳහා " ගිණුම් තැබීමේ වැඩසටහන  " ව්‍යවසායකයින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ජූලි 15 වන දින  මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි සාර්ථකව පැවැත්විණි.  

මේ සඳහා සම්පත් දායකත්වය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ  ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි නාලිකා මුණවීර මහත්මිය විසින් ලබාදෙන ලදි.

kuda  kuda1  kuda2

kuda3   kuda4  kuda6

මිගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත ආබාධිත දරුදැරියන් රැකියා ගත කිරීමේ වැඩසටහන 2025 ජූලි 14 වන දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.  

මෙම වැඩසටහන සමාජසේවා දෙපාර්තමේන්තුව හා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සංවිධානය කල අතර දරුවන් රුකියාවකට යොමු කිරීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්ව  ගොඩනගමින් සමාජගත කිරිම මෙම වැඩසටහනේ අරමුණ විය. මේ සඳහා ආබාධිත දරුදැරියන් සමග ඔවුන්ගේ භාරකරුවන් හා පෞද්ගලික අංශයේ රැකියා ලබාදෙන ආයතන විශාල සංඛ්‍යාවක් සහභාගි විය. 

job7  job  job1

job2  job3  job4

job5  job8  job9

job6  job11  job10

තරුණසේවා සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් මිගමුව යෞවන සමාජ සම්මේලනය 2025 ජූලි මස 12 වන දින තරුණ හින්ඳු සංගම් ශාලාවේදී පවත්වන ලදි.  එම අවස්ථාවට මිගමුව ප්‍රාදේශීය ලේකම් , තරුණසේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, නගරාධිපති, උප නගරාධිපති , නාගරික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරින් හා තරුණ තරණියන් රැසක් සහභාගි විය.

 yo youth11  youth9      youth4       youth        yo1                                   

 youth3  youth8  youth1

 

 

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri LAnka රාජ්‍ය වැඩසටහනට  සමගාමීව අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ. 

 
ඒ අනූව ජුලි 15 ට යෙදෙන ජාත්‍යන්තර තරුණ නිපුණතා දිනට සමගාමිව ජුලි 15 සිට 23 දක්වා පුරා සතියක් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා තරුණ තරුණියන්ගේ නිපුනතවය පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. www.nextsrilanka.lk වේත පිවිසීමෙන්ද ඔබට මේ සඳහා ලියාපදිංචි විය හැකියි.       nextsrilanka.lk

ru


Clean Srilanka  වැඩසටහන යටතේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මීගමුවේ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරනයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team හා බාලදක්ෂ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජූලි මස 12 වැනි දින මීගමුව වෙරළ තීරයේදී පැවත්විණී.

MA1  MA  MA3

MA2  MA4  MA6

News & Events

07
Sep2026
 මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

මුල් ළමාවියට අදාළ සංවර්ධනය කාර්යයන් ළගා කර...

Scroll To Top