ශ්රද්ධා මාධ්යජාලයේ අනුග්රහයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කොච්චිකඩේ පොලිස් වසමේ පීඩාවට පත් ප්රතිලාභීන් 50ක් සඳහා කිලෝ 15 කින් යුත් එලවලු මලු 50ක් ලබා දීමේ වැඩසටහන කොච්චිකඩේ මහමෙවුනා භාවනා අසපුව අසලදී 2020.05.20 දින පැවැත්විණ.

සිංහ සමාජය මගින් ප්රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදුන් සහනාධාර මලු 150ක් සියලු ග්රාමනිලධාරී වසම් ආවරණය වන පරිදි ප්රතිලාභීන් 150 ක් සඳහා ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් 2020.04.15 දින ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේ දී ලබා දෙන ලදී.


අග්රාමාත්ය කාර්යලය මගින් ලබාදුන් ප්රතිපාදන යටතේ ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් හා නිලධාරීන්ගේ එකමුතුවෙන් සහනමලු 110ක් සකස්කර, ඇදිරිනීතිය හේතුවෙන් මීගමු ප්රාදේශීය ලේකම් කොට්ටාසය තුල සිරවී සිටින දිස්ත්රික්කයෙන් පිටත ප්රතිලාභීන් 110 ක් සඳහා 2020.04.15 දින ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී ලබා දෙන ලදී.




















